මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුරුණෑගල ආයුර්වේද රෝහලට අංග සම්පූර්ණ භික්ෂු වාට්ටු සංකීර්ණයක්

    මාර්තු 31, 2023

    ආරණ්‍යගතව, භාවනායෝගීව වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේලා උදෙසා කුරූණෑගල ආයුර්වේද රෝහල් පරිශ්‍රය තුළ අංග සම්පූර්ණ භික්ෂු වාට්ටු සංකීර්ණයක් ඉදි කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි සහ වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් වයඹ පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී (30) දින පැවැත්විණ.


    කුරුණෑගල මහා විහාර ගිලන් භික්ෂු භාරකාර මණ්ඩලය, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය, වයඹ පළාත් සභාව, වයඹ පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා ති‌බේ. මෙම අංග සම්පූර්ණ භික්ෂු වාට්ටු සංකීර්ණය ඉදි කිරීමේ මූල්‍ය දායකත්වය හා එහි අනෙකුත් නඩත්තු කටයුතු මෙන්ම ගිලන් භික්ෂූන් වහන්සේලා උදෙසා දානය, ගිලන්පස මෙන්ම දේශීය ඖෂධ ලබා දීම කුරූණෑගල මහා විහාර ගිලන් භික්ෂූ භාරකාර මණ්ඩලය මගින් සිදු කිරීමට නියමිත අතර ගිලන් භික්ෂූන් වහන්සේලා උදෙසා දේශීය වෛද්‍ය ප්‍රතිකාර සේවාවන් ලබා දීම කුරුණෑගල ආයුර්වේද රෝහල් කාර්ය මණ්ඩලය මගින් ලබා දීම සිදු කරනු ලබයි.

    මෙම ඇතුගල්පුර ආයුර්වේද රෝහල් පරිශ්‍රය තුළ අංග සම්පූර්ණ භික්ෂූ වාට්ටු සංකීර්ණය ඉදි කිරීම තුළින් දේශීය වෛද්‍ය ප්‍රතිකාරයන් කෙරෙහි උනන්දුවක් දක්වන දේශීයව මෙන්ම විදේශීයව ආරණ්‍යගතව වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේලාට විවිධ රෝගාබාධයන්ට ලක්වී ගිලන්වූ අවස්ථාවන්හී විනයානුකූලව, ශික්ෂාකාමීව හා භාවනායෝගීව කටයුතු කරමින් දේශීය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේ අවස්ථාව උදා වනු ලබයි.

    මෙම සාකච්ඡාව සඳහා කුරූණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අසංක නවරත්න, සමන්ප්‍රිය හේරත් යන මහත්වරුන්ද, වයඹ ප්‍රධාන ලේකම් රංජිත් ආරියරත්න, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) චන්දන තිලකරත්න, ආණ්ඩුකාර ලේකම් ඉන්දික ඉලංගකෝන්, වයඹ පළාත් ආයුර්වේද කොමසාරිස් අනුර සෙනෙවිරත්න, ආයුර්වේද වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරි වෛද්‍ය අජිත් කුමාර යන මහත්වරුන් ඇතුළු වෛද්‍යවරුන්, රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වී සිටි අතර එම සාකච්ඡාවෙන් අනතුරුව භික්ෂු වාට්ටු සංකීර්ණය ඉදි කිරීමට යෝජිත කුරූණෑගල ආයුර්වේද රෝහල් පරිශ්‍රයේ ස්ථානීය නිරීක්ෂණයක අමාත්‍යතුමන් ඇතුළු පිරිස නිරත විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya