අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශගත ශ්‍රමිකයින්ට ඉලෙට්‍රික් වාහන ආනයන බලපත්‍ර ලබාදීම තවදුරටත් දීර්ඝ කරයි

    මාර්තු 30, 2023

    විදේශගත ශ්‍රමිකයින්ට ඉලෙට්‍රික් වාහන ආනයන බලපත්‍ර ලබාදීම තවදුරටත් දීර්ඝ කරයි - රටට ඩොලර් ගෙන්වන පුද්ගලයින්ටත් වාහන බලපත්‍ර ලබාගැනීමේ අවස්ථාව ලබාදෙනවා - විදේශ රැකියා අමාත්‍ය

    විදේශ විනිමය මෙරටට එවනු ලබන විදේශ ගත ශ්‍රමිකයින්ට ඉලෙට්‍රික් වාහනයන් ආයනයනය කිරීම සදහා ලබා දී ඇති කාල සීමාව මේ වසරේ අගෝස්තු මාසය දක්වා දීර්ඝ කරන බවත්, පුද්ගලික වශයෙන් රටට ඩොලර් ගෙන්වා ගන්නා අනෙක් පුද්ගලයින්ටත් ඉලෙට්‍රික් වාහන ආයනයට බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය. විදේශ විනිමය එවනු ලැබූ විදේශ ගත ශ්‍රමිකයින්ට ඉලෙට්‍රික් වාහන ආයනය කිරීම සදහා බලපත්‍ර ලබාදීමේ කාලසීමාව පසුගිය වසරේ මැයි මාසයේ සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා සීමා කර තිබූ අතර එම කාල සීමාව අගෝස්තු මාසය දක්වා මෙසේ දීර්ඝ කරන බව ඕවර්ලෑන්ඩ් ඔටෝ මොබයිල් ආයතනය විසින් සංවිධානය කර තිබූ උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා  (29) පැවසුවේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීවේය;

    “පසුගිය අවුරුද්දේ මාර්තු මාසය වන විට අපේ රට තිබුණ තැන හැමෝටම අමතකයි. අවුරුද්දකට කලින් තෙල් පෝලිම් තිබුණා වගේ අදත් තෙල් පෝලිම් තියෙනාවා. තෙල් මිල අඩුවෙයි කියලා හිතන නිසා ඉන්ධන පිරවුම්හල්වල හිමිකරුවන් තෙල් ඇණවුම් කරන්නේ නෑ. තෙල් පෝලිමකුත් මේ රටේ තිබුණා නේ කියලා මතක් වෙන එක හොදයි. විදුලියත් හිටපු ගමන් නැති වෙනවා නම්, පැය අටක් දහයක් කරුවලේ හිටියානේ කියලා මතක් වෙන්න හොදයි. හැබැයි දැන් විදුලිය කැපෙන්නේ නෑ. පාරවල්වල තෙල් පෝලිම් නෑ. බෙහෙත් පිළිබද ප්‍රශ්නයක් නෑ. ගිය අවුරුද්දේ මාර්තු, අප්‍රේල් මැයි මාසය වන විට ඉලෙට්‍රික් වාහන ගැන කතා කරන්න තියා වාහනයේ තෙල් ෆුල් ටෑන්ක් කරගෙන යන්න බැරි තත්වයක් ඇතිවෙලා තිබුණේ. කොහොමද තෙල් පුරවාගෙන යන්නේ කියලා වාහනයේ වීදුරුව පහත් කරලා අහන තත්වයක් තිබුණේ. ටිකක් හොද වාහනයක ඒ.සී. දාගෙන ගියොත්, ඒ සී දාගෙන යන්න එපා කියලා තර්ජනය කරන තැනට නීතිය හා සාමය ත්‍රස්ත කල්ලියක් අතට පත්ව තිබුණා. මේක අපි හැමෝටම අමතකයි. පාරේ යනකොට හැමෝම බයෙන් ගිය බව අමතකයි.

    බොහෝ අය රට දාලා ගියා. රස්සාවලට හරි රටින් එලියට ගියා. මේ රට තවදුරටත් ජීවත් වෙන්න බැරි, නීතිය හා සාමය නැති රටක් බවට පත්වෙලා තිබුණා. ලොකු ව්‍යාපාරිකයින් තමන්ගේ ව්‍යාපාර ඩුබායි වගේ රටවලට අරගෙන ගියා. වෙන රටවලට සල්ලි අරගෙන ගියා. අපනයනකරුවන් රටට ලැබිය යුතු සල්ලි අරගෙන ආවේ නෑ. රට වැටුනා. මේ වෙලාවේ තමයි අපි අභියෝගයක් භාරගත්තේ. දෙකෙන් එකක් වේවි, මොකක් වුනත් කමක් නෑ කියලා අපි වගකීම් භාරගත්තා.

    අපි රටට ඩොලර් ගේන වැඩපිළිවෙලක් හැදුවා. මේ වෙලාවේ තමයි විගමණික ශ්‍රමිකයින් වෙනුවෙන්න කරන්න පුලුවන් දේවල් ගැන බැලුවේ. ඒ වෙනෙකොට රටට එන විදේශ ගත ශ්‍රමිකයා නිරෝධායන මාෆියාවෙන් ගසා කමින් තිබුණේ. විදෙස් ගත ශ්‍රමිකයින්ට මිනිස් බෝම්බ කියලා කිව්වේ. මේ වගේ තත්වයක් තුළදී තමයි රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් දෙන විදේශ ගත ශ්‍රමිකයින් වෙනුවෙන් කරන්න පුලුවන් දේවල් ගැන අපි අවධානය යොමු කරනු ලැබුවේ.” යනුවෙන් පැවසු අමාත්‍යවරයා මෙසේ ද පැවසීය;

    “විදේශ ගත ශ්‍රමිකයින් විශ්වාසය පිළිබද ප්‍රශ්ණ නිසාත්, උන්ඩියල් හරහා මුදල් එවීමෙන් විශාල මුදලක් ලබාගැනීමට හැකියාව තිබෙන නිසාත් විදේශ ගත ශ්‍රමිකයින් රටට ඩොලර් එව්වේ නෑ. ඒක වෙනස් කරලා, විදේශ ගත ශ්‍රමිකයින්ට සලකන්න ඉලෙට්‍රික් වාහන ආයනයනයට බලපත්‍ර ලබාදීමට අපි කටයුතු කළා.

    මේ යෝජනාව ගෙනා වෙලාවේ කැබිනට් මණ්ඩලය ඒ සදහා පූර්ණ සහාය ලබාදුන්නා. ඉලෙට්‍රික් වාහන විතරක් ආනයනය කරනවා කියලා තවම අපේ රටේ තීරණයක් අරගෙන නෑ. හැබැයි රජයක් විදියට අපි පුනර්ජනනීය බලශක්තියට යන්න ඕන, හරිත බලශක්තියට යන්න ඕන කියන දැඩි අදිශ්ඨානයේ සිටිනවා. ලෝකය පුනර්ජනනීය බලශක්තියෙන් ඉදිරියට යන විට අපිි ඉලෙට්‍රික් වාහනවලට අවසර ලබාදීමට කටයුතු කළේ. රජයක් විදියට අපි පුලුවන් හැම අවස්ථාවකම විද්‍යුත් වාහන පමණක් ආනයනය කිරීමට අවසර ලබාදීමේ ස්ථාවරයක සිටිනවා. අනාගතයේදී රජයට ගේන වාහන සියල්ලම විද්‍යුත් වාහන විතරයි කියන තීන්දුව අරගෙන ඉවරයි.

    නියමු ව්‍යාපෘතියක් විදියට විදේශ ගත ශ්‍රමිකයින්ට ඉලෙට්‍රික් වාහන ආයනයනය කිරීමට අවසර ලබාදෙන විට අපි බොහෝ දෙනා හමුවෙලා අදහස් ලබාගෙන තමයි අදාල යෝජනා ඉදිරිපත් කළේ. ඇමැති මණ්ඩලයේ ප්‍රතිපත්ති සම්පාදකයින් විදියට ඉදිරිගාමී තීරණ ගත්තාට, ස්ලොත්ලා වගේ වැඩ කරන්න ඉගෙනගෙන ඉන්න ඇතැම් රාජ්‍ය නිලධාරීන් සමහර වෙලාවට මේවාගේ තීන්දු ලබාදීමට කාලයක් ගත්තා. එතැනදී නිලධාරීන්ගේ යම් නිරීක්ෂණ පසෙක ලා මේ තීන්දුව ඉදිරියට ගෙන යාමේ සහාය ජනාධිපතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලය අනුමැතීන් ලබාදුන්නා. බය නැතිව තීන්දු ගත්තා.

    විදේශ ගත ශ්‍රමිකයින්ට ඉලෙට්‍රික් වාහන ආනයනය කිරීම සදහා අවසර ලබාදෙන විට සමහරු කිව්වේ මේක තවත් දේශපාලන උප්පරවැට්ටියක්කියලා. අපි ආණ්ඩුව පටන්ගත්තේ ජනප්‍රියවාදී දේශපාලනය පැත්තකින් තියලා කරන්න පුලුවන් වැඩේ පුලුවන් කියනවා. බැරි වැඩේට බෑ කියනවා. දේශපාලනික වශයෙන් මිනිස්සු සනසන්න නෙමෙයි අපි ආවේ. ඒ නිසා තමයි පුලුවන් වෙලාවට දෙන්න පුලුවන් සහන දෙන්න බලාගෙන බදු වැඩි කළේ. පොලී අනුපාත වෙනස් කළේ. අද තෙල් සංස්ථාව අලුත් ආයතනවලට ඉඩ විවෘත කරන්නේ, අලුත් පිරිපහදු ආරම්භ කිරීමට ඉඩ ලබාදෙන්නේ, මුලින් රාජ්‍ය ආයතන හතක් පුද්ගලික අංශයට දීලා ඉන් පසුව අනෙක් ආයතනයත් ලබාදෙන්නේ අපි ජනප්‍රියවාදී දේශපාලනය නොකරන නිසයි. හරි දේ විතරක් කරන නිසා. හරි දේ කරලා විදේශ ගත ශ්‍රමිකයින් කරපු සේවයට ප්‍රති උපකාරයක් කිරීමට අපිට හැකියාවක් ලැබී තිබෙනවා. විදේශ ගත ශ්‍රමිකයින්ට වාහන ආනයනය කිරීමේ අවස්ථාව උදාවෙලා තිබුණේ පසුගිය අවුරුද්දේ මැයි මාසයේ පළමුවැනිදා සිට දෙසැම්බර්31 වැනිදා දක්වා මෙරටට එවූ මුදල් වෙනුවෙන් පමණයි. අපි ඒ කාලය මේ වසරේ අගෝස්තු අවසානය දක්වා මුදල් එවා ඇති අයට වාහන ආනයනය කිරීමට හැකි පරිදි අදාල සංශෝධනයන් කරනවා. ඒ සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගන්නවා. ඒ වගේම පුද්ගලික වශයෙන් රටට ඩොලර් ගෙන්වා ගන්නා අය ඉන්නවා නම් ඒ අයටත් ඉලෙට්‍රික් වාහන ආයනය කිරීමට අවසර ලබාදීම සදහා අනුමැතීන් ලබාදීමට කටයුතු කරනවා.” යනුවෙනි.

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya