අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාරම්පරික වෙදකම රැකගැනීමට ආයුර්වේද සංරක්ෂණ සභා සවිබල ගැන්වේ

    මාර්තු 28, 2023

    දිවයින පුරා විසිරී සිටින පාරම්පරික දේශීය වෛද්‍යවරුන් සිය කාලය, ධනය, ශ්‍රමය වැය කරමින් රෝගීන් සුවපත් කිරීමෙහි ලා සිදුකරනු ලබන අපරිමිත මෙහෙය ඇගයීමත් පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමය නංවාලීමත් උදෙසා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යංශය මගින් දීප ව්‍යාප්තව ආයුර්වේද සංරක්ෂණ සභා සවිබල ගැන්වීමේ වැඩසටහන් රැසක් මේ වන විට ක්‍රියාවට නංවා ඇත.

    ඒ අනූව පාරම්පරික වෛද්‍යවරුන් ලියාපදිංචිය විධිමත් කිරීම, ඔවුන්ගේ දැනුම, ආකල්ප වර්ධනය, පාරම්පරික වෛද්‍යවරුන් ආර්ථිකමය වශයෙන් නගාසිටුවීම සදහා ඔසු වගාව සහ ඖෂධ නිෂ්පාදනය වෙත යොමු කිරීම ඇතුළු වැඩපිළිවෙල රුසකට යොමුකිරීම සිදුකෙරෙයි.

    මෙම ආයුර්වේද සංරක්ෂණ සභා සවිබල ගැන්වීමේ වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 02ක වටිනාකමකින් යුතු දේශීය ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය තෙල් සිඳින යන්ත්‍රයක් කැළණිය ආයුර්වේද සංරක්ෂණ සභාව වෙත පරිත්‍යාග කිරීම දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) කැළණිය ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලයේදී සිදුකෙරිණ.

    මෙම අවස්ථාවට කැළණිය ප්‍රා‍දේශීය ලේකම් නදීශානි අමරසිංහ මහත්මිය, පාරම්පරික වෛද්‍යවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya