අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහා නව බස්රථ 500ක්‌ ධාවනයට

    මාර්තු 27, 2023

    උත්සව සමය වෙනුවෙන් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ග රක්ෂිතවල නිෂ්පාදන අලෙවි කිරීම සඳහා තාවකාලිකව අවසර ලබා දීමට ප්‍රවාහන අමාත්‍යවරයාගෙන් අනුමැතිය ලබා දෙන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ගාල්ලේ දී පැවති නව බස්රථ බෙදා දීමේ උත්සවයකට සහභාගි වෙමින් ඊයේ (27) ප්‍රකාශ කළේය.

    75 වන නිදහස් සමරුවට සමගාමී ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරට ග්‍රාමීය මාර්ග වල පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහා නව බස්රථ 500ක්‌ ධාවනයට කිරීමේ වැඩසටහන යටතේ මෙම බස් රථ
    දිවයිනේ සියළුම ඩිපෝ වෙත බෙදා දෙනු ලැබේ. ඒ යටතේ ගාල්ල, මාතර හා කළුතර එම දිස්ත්‍රික්කවල ඩිපෝ වෙත බස් රථ බෙදාදීම සඳහා මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

    එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා;
    “රට තුළ පැවැති කොවිඩ් වසංගත තත්වය ඇතුළු අර්බුද හේතුවෙන් ගෙවුණු වසර දෙක තුළම සිංහල හින්දු අලුත් අවුරුද්ද සුපුරුදු පරිදි සැමරීමේ අවස්ථාව අපේ රටේ ජනතාවට අහිමි වුණා. එම නිසා බොහෝ නිෂ්පාදකයින්ට සිය නිෂ්පාදන අලෙවි කර ගැනීමේ අපහසුතාවයන් රැසකටද මුහුණ දීමට සිදුවුණා.

    ස්වයං රැකියාවක් ලෙස ගෘහාශ්‍රිතව සහ සුළු පරිමාණයෙන් නිෂ්පාදනය සිදු කරන එවැනි ව්‍යවසායකයින්ට සිය නිෂ්පාදන කිසිදු ගාස්තුවකින් තොරව මාර්ග දෙපස සිට අලෙවි කිරිම සඳහා උත්සව සමය වෙනුවෙන් අප්‍රේල් 01 වැනිදා සිට 18 වැනිදා දක්වා තාවකාලික අවසරයක් ලබා දීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය කටයුතු කරනවා.

    ඒ අනුව මාර්ග රක්ෂිත ආශ්‍රිතව වෙන් කර දෙනු ලබන විශේෂිත ප්‍රදේශ වල අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් වරයාගේ අනුමැතිය සහ අධීක්ෂණය සහිතව ස්ථිර ඉදිකිරීම් සිදු නොකර සිය නිෂ්පාදන අලෙවි කර ගැනීමට නිෂ්පාදකයින්ට තාවකාලිකව මෙම අවසරය අවස්ථාව හිමිවනවා.

    මේ වන විට මහරගම නගරය ඇතුළු ස්ථාන කීපයක රිදිපිළි ඇතුළු ඇඟලුම් අලෙවි කිරීම සඳහා මෙවැනි විශේෂිත ස්ථාන අප වෙන් කර දී තිබෙනවා. දිවයිනේ අනෙකුත් සියළුම ප්‍රදේශවලත් එලෙසින්ම උත්සව සමය නිමවන තුරු අප්‍රේල් 01 සිට 18 දින දක්වා තාවකාලිකව ස්වයං රැකියා වල නිරත වන නිෂ්පාදකයින්ට සෘජුවම ශ්‍රී නිෂ්පාදන පාරිභෝගිකයින් වෙත අලෙවි කිරීමේ අවස්ථාව ලබාදීමට අප කටයුතු කරනවා.”

    කතානායක  මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා,රාජ්‍ය අමාත්‍ය මොහාන් පී ද සිල්වා,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සම්පත් අතුකෝරල, නිපුන රණවක, වජිර අබේවර්ධන යන මහත්වරුන්, ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින් සහ ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා සහ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථා සඳහා එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya