අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ හා විදුලි සංදේශ අංශයේ ප්‍රවර්ධනයට ඉන්දියාවේ සහාය

    මාර්තු 27, 2023

    ශ්‍රී ලංකා වේ තොරතුරු තාක්ෂණ අංශයේ ප්‍රවර්ධනය සඳහා උපරිම සහාය ලබා දීම ට ඉන්දීය දුම්රිය හා සන්නිවේදන, තොරතුරු තාක්ෂණ අමාත්‍ය අශ්විනි වෛශ්නව් මහතා, (Ashwini Vaishnaw) කැමැත්ත පලකළ බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ප්‍රකාශ කරයි.

    පසුගියදා ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි  මහතාගේ ප්‍රධානත්වයෙන් නවදිල්ලි නුවරදී ස්ථාපනය කෙරුණු ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමයේ දකුණු ආසියානු කලාපීය කාර්‍යලය හා නවෝත්පාදන මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වීමෙන් අනතුරුව පැවැති හමුවකදී ඉන්දීය තොරතුරු තාක්ෂණ අමාත්‍යවරයා මේ බව සඳහන් කළ බව කනක හේරත් මහතා පවසයි.

    ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකය ක් වෙත ප්‍රවේශ වීම සඳහා අවශ්‍ය පසුබිම නිර්මාණය කරගනිමින් සිටීම සතුටට කරුණක් බවත්, එම ගමන්මගේ දී ඉන්දියාව පූර්ණ සහාය ලබා දීම ට, සූදානම් බවත් අශ්විනි වෛශ්නව් මහතා ප්‍රකාශ කර තිබේ, විශේෂයෙන් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා අවශ්‍ය තාක්ෂණික, හා විශේෂඥ දැනුම ලබා දීම ට සූදානම් බවද හෙතෙම ප්‍රකාශ කර ඇත.

    මේ අතර ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ අංශයේ ප්‍රවර්ධනය සඳහා ද සහාය ලබා දීම ට ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය එකඟ තාවය පළකර තිබේ.

    එම සංගමයේ මහලේකම් ඩොරීන් බොග්ඩන් මාර්ටින් (Doreen Bogdan - Martin ) මහත්මිය ප්‍රකාශ කර ඇත්තේ තම සංගමය මඟින් දියත් කරන ජාත්‍යන්තර ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකාවද සම්බන්ධ කර ගන්නා බවයි.

    එමෙන්ම ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ අංශයේ වෘත්තිකයින් සඳහා අවශ්‍ය මඟපෙන්වීම සහ තාක්ෂණික දැනුම ලබා දීම ට හැකි බව ඇය ප්‍රකාශ කර ඇත.
    මේ යටතේ පුහුණු වැඩසටහන් සහ වැඩමුළු සඳහා ක්ෂේත්‍රයේ කටයුතු කරන ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව සලසා දීමට ඇය එකඟ වූ බව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ප්‍රකාශ කළේ ය.

    මේ අතර ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමයේ, නවෝත්පාදන මධ්‍යස්ථානයේ පැවැති සමුළුවක ට සහභාගි වූ තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා, ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉදිරි ගමන් මඟ සහ ඩිජිටල් ආර්ථිකය ක් සඳහා වන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අදහස් පල කළේය.

    මෙම අවස්ථාවට තාක්ෂණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් M.P.N.M වික්‍රමසිංහ, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් R.G.H.K රණතුංග යන මහත්වරු සහභාගි වී සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya