අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයේ ප්‍රථම වරට පැරෂුට් තාක්ෂණික ක්‍රමවේදය යටතේ බාස්මතී වී වගාව ඇරඹේ

    මාර්තු 26, 2023
    උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයේ ප්‍රථම වරට පැරෂුට් තාක්ෂණික ක්‍රමවේදය යටතේ බාස්මතී වී වගා කිරීම ආරම්භ කෙරේ. 
    කුරුණෑගල මැල්සිරිපුර උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයේ නිර්මාතෘ සිරි සමන්තභද්‍ර නායක ස්වාමීන් වහන්සේගේ සංකල්පයක් මත දේශීය වශයෙන් කාබනික ලෙස වගා කරන ලද බිත්තර වී ප්‍රදේශයේ ගොවීන් වෙත බෙදාදීම වාර්ෂිකව සිදු කරනු ලබයි. 
     
    ඊට අමතරව කාලය හා ශ්‍රමය අවම වශයෙන් වැය කර වැඩි බිම් ප්‍රමාණයක් වගා කළ හැකි නවීන වගා ක්‍රම පිළිබඳව ගොවීන්ට ප්‍රායෝගිකව හඳුන්වා දීමද මෙවර වැඩසටහන යටතේ සිදුවිය. ඒ යටතේ පැරෂුට් ක්‍රමවේදයට අනුව කෙටි කාලයක් තුළ වැඩි බිම් ප්‍රමාණයක පැල සිටුවීමේ ක්‍රමය ගොවීන්ට ප්‍රායෝගිකව හඳුන්වාදීමද මෙම අවස්ථාවේ සිදු කෙරිණි.
     
    එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
     
    උමන්දාව බෞද්ධ විශ්ව ගම්මානය ආගමික හා අධ්‍යාත්මික වශයෙන් රටට මග පෙන්වන අතරම දැවැන්ත ජාතික මෙහෙවරක නිරත වන ආගමික ස්ථානයක්. සාම්ප්‍රදායිකත්වයෙන් ඔබ්බට ගමන් කරමින් කෘෂිකර්මාන්තයේ නිෂ්පාදනය ඉහළ නංවන්නට උමංදාව තුළින් සිදුවන මෙහෙවර අගය කළ යුතුයි.
    රට දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින මේ මොහොතේ සාම්ප්‍රදායිකව සිදුකළ අපනයනයන් මත පමණක් පදනම්ව විදේශ විනිමය ඉපයීමේ හැකියාවක් නැහැ. ඒ හේතුවෙන්ම සිතනවාට වඩා යමක් සිතමින් විදේශීය වෙළෙඳපොළ සඳහා නව නිෂ්පාදන හඳුන්වාදීම ඉතාමත් වැදගත්.
     
    මෙම සියලු කරුණු පිළිබඳව අවධානය යොමුකරමින් දේශපාලන පක්ෂ පාට බෙදීම් වලින් තොරව බිඳ වැටුණු රට යළි ගොඩ නඟන්නට අප සියලු දෙනාම කැපවිය යුතුයි. අපේ රටේ අපේ භුමියේ නිපදවන දේ නවෝත්පාදනයන් ලෙස ජාත්‍යන්තරය වෙත ඉදිරිපත් කරන්නට හැකිනම් ඒ තුළින් පවතින අර්බුද රැසකට විසඳුම් සපයා ගැනීමේ හැකියාව පවතිනවා. එලෙස සියලු දෙනා සතු ශක්තිය, හැකියාව යොදා ගනිමින් රට යළි ගොඩ නගන්නට එක්ව කටයුතු කරන්නට අත්වැල් බැද ගන්නා ලෙස මම සැමට ආරාධනා කරනවා.
     
    මෙම අවස්ථාව සඳහා කෘෂිකර්ම රාජ්‍ය  අමාත්‍ය මොහාන් පී ද සිල්වා, පශු සම්පත් රාජ්‍ය  අමාත්‍ය  ඩී බී හේරත්, ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් අනුෂ පැල්පිට යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ ප්‍රදේශයේ කෘෂිකර්මාන්තයේ නිරත වන විශාල පිරිසක් ද එක්ව සිටියහ.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya