ජූනි 02, 2023
tami eng youtube  twitter facebook

    sinhala

    පිටිපන මංසන්ධියේ ඉදිකිරීමට යෝජිත අවුකන බුද්ධ ප්‍රතිමාවේ අනුරුවට මුල්ගල තබයි

    මාර්තු 26, 2023

    හෝමාගම - පිටිපන මංසන්ධියේ ඉදි කෙරෙන අවුකන බුද්ධ ප්‍රතිමාවේ අනුරුව සඳහා ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් පසුගිය දා ( 23) පෙරවරුවේ මුල්ගල තබන ලදි.

    අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ සංකල්පයකට අනුව එතුමාගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් ඉදිකෙරන මෙම බුද්ධ ප්‍රතිමාවේ උස අඩි තිහකි.

    බුද්ධ ප්‍රතිමාවේ මුල්ගල තැබීමේ අවස්ථාවට හෝමාගම ශ්‍රී සුගත බිම්බාරාම විහාරය , හෝමාගම පුරාණ විහාරය , පිටිපන උත්තරාරාම විහාරය යන විහාරස්ථානවල නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු ගෞරවණීය මහා සංඝරත්නය, ප්‍රදේශයේ ව්‍යාපාරිකයින්, ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya