අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඉදිරි දිනවලදී කැඳවා සාකච්ඡා කිරීමට සුදානම්

    මාර්තු 24, 2023

    අවුරුද්දට පෙර රජයේ සේවකයන්ට ගෙවිය යුතු වැටුප් දෙක ලැබෙන ආධාරවලින් හෝ ගෙවනවා -අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

     අවිනිශ්චිතව කටයුතු කිරීම සම්බන්ධයෙන්, මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඉදිරි දිනවලදී කැඳවා සාකච්ඡා කිරීමට අමාත්‍යවරයා ලෙස තමන් අපේක්ෂා කරන බව, අග්‍රමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් සභා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී (24 දින ) ප්‍රකාශ කළේය.

    අප්‍රේල් මුල, අවුරුද්දට පෙර, රජයේ සේවකයන්ට වැටුප් දෙකක් ගෙවීමට ඇති නිසා, ලැබෙන ආධාරවලින් කොටසක් ලෙස හෝ එම වැටුප් ගෙවන බවද, අග්‍රාමාත්‍යවරයා සහතික විය

    ඔහු මේ බව කියා සිටියේ, පළාත් පාලන ඡන්දය පැවැත්වීමට මුදල් ලබාදීම ගැන, විපක්ෂ නායකවරයා විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය'

    "මේ ගැන ‍ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විභාග කිහිපයක් පවතිනවා. ගරු විරුද්ධ පක්ෂ නායකතුමා සඳහන් කරපු මද්දුම භාණ්ඩාර මැතිතුමත්, නඩු කීපයක් ඉදිරිපත් කර තිබෙනවා, ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට. ශ්‍රේෂ්ඨාධිකරණයට භාණ්ඩාගාර ලේකම්තුමා විසින් කරුණු ඉදිරිපත් කරලා ති‍බෙනවා. මැතිවරණ කොමිසමත් කරණු ඉදිරිපත් කරලා තිබෙනවා. ඉතිං එම තීරණවල ක්‍රියාමාර්ග අනුව කටයුතු කරාවි. මට කියන්න තිබෙන්නේ එපමණයි. අධිකරණය පවතින කරුණු ගැන මම සාකච්ඡා කරන්නේ නෑ."

    "මැතිවරණ කොමිසම ඊයේ ප්‍රකාශයක් කරලා තියෙනවා (බාධා කිරීම්) ...Have some passions point of order. I am on my feet. Have some passions you can talk after that any number of hours. Please if you ask the question, please have passions and curtesy of allowing me to reply. ඊට පස්සේ ඕන තරම් යන්න උසාවි ආපහු. කී සැරයක් දැන් ගියාද? "

    "අපි නෙවේනේ උසාවි ගියේ. අපි උසාවි ගිහිල්ලා තියෙන්නේ තමුන්නාන්සේලා සහ මැතිවරණ කොමිසම. උසාවියට ගිහිල්ලා පැමිණිලි කරලා තියෙන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණ කියන්නේ ලංකාවේ ඉහළතම අර්ථ නිරූපන දෙන අධිකරණය. ඉතිං ගරු සභාපතිතුමනි, මේ පිළිබඳව ඊයෙත් මැතිවරණ කොමිසම ප්‍රකාශයන් කරලා තියෙනවා. ඒ ප්‍රකාශයත් අවසානයක් නැති ප්‍රකාශයක්. ඉතිං ඒක තමයි මම අහන්නේ ඒකත් අවසානයක් නැති ප්‍රකාශයක්. මම අමාත්‍යවරයා හැටියට ඒ අය කැඳවන්න බලාපොරොත්තු වෙනවා දැන්. මොකද ඒ අය අවිනිශ්චිතව කටයුතු කිරීම ගැන. එකපැත්තකින් මට අධිකරණයට ඇඟිලි ගහන්න බෑ. නමුත් ‍කොමිසම කැ‍ඳෙව්වාම කියනවා කොමිසමට බලපෑමක් කරනවා කියලා. ‍මේ සභාවෙම ප්‍රකාශ කළා. මම ඉතාම ඕනෑකමින් වගකිමෙන් ප්‍රකාශ කරන්නේ කොමිසමේ සියලු දෙනා එයිද මම දන්නේ නැ. මම ඉදිරි දවස්වල කැඳවලා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා."

    " නීතිය අනුව තමයි 19 වෙනිදා ලංකාවෙම පලාත් පාලන ආයතන විසුරුවා හැරියේ. ඉතිං ඒ නීතිය අනුව අපි කටයුතු කරගෙන යනවා, පළාත් පාලන ආයතන විසින් සිදුවිය යුතු සේවාව , මහජනයාට අවශ්‍ය සේවාව පවත්වාගෙන යන්න."

    "මූල්‍යමය තියෙන ගැටළු රටම මුහුණ දෙන ප්‍රශ්නයක්. මමත්, ජනාධිපතිතුමත්, බරපතළ ලෙස වගකීමෙන් කිව්වා අපි මුහුණ දෙනවා. කොහොම හරි සෑම රාජ්‍ය සේවකයෙක්ගෙම වැටුප් දෙසරයක් ගෙවන්න තිබෙනවා, අවුරුද්දෙන් පෙර. පළමුව මේවා ඉටු කි‍රීමෙන් තමයි ඊළඟ කටයුතු යන්නේ. අපේ ගොවිජනතාව දෙන්න තියෙන විශේෂ ගෙවීම් රාශියක් තියෙනවා. අපිට හොඳ අස්වැන්නක් ලබා දුන්නා. ඉතිං ඒවා ගැනත් කල්පනා කරමින් මේ කටයුත්තේ අපි නිරත වෙනවා කිසිම කෙනෙක්ගේ අයිතිවාසිකම් අපි උදුරා ගන්නේ නෑ."

    පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් මද්දුම බණ්ඩාර මහතාද පළාත් පාලන ඡන්දය පැවැත්වීම පිළිබඳ ප්‍රශ්නයක් විමසූ අතර ඊටද අග්‍රාමාත්‍යවරයා පිළිතුරු දුන්නේය.

    " ඕකට උත්තරයක් දුන්නා. ඊට වඩා උත්තරයක් නෑ, කොච්චර කෑගැහුවත්. ඔය ප්‍රචාරයට කෑගහන්නේ. කමක් නෑ. නමුත් ඊට වඩා උත්තරයක් නෑ. ඒකයි දැනට තිබෙන තත්ත්වය. ඔබතුමන්ලාම අධිකරණයට ගියා. එක සැරයක් නෙවේ, දෙසරයක් නෙවේ, තුන් සැරයක්ම දැන් ගිහිල්ලා හිරවෙලා ඉන්නවා. මැයි මාසේ දෙවන සතිය වෙනකම්, ඊළඟ නඩු දින එනකම්. ඒවා ඔක්කොම ඔබතුමන්ලා කළේ. ඔක්කොම ඔබතුමන්ලා කළේ. අපි අධිකරණයට ගියේ නෑ, කිසිම අවස්ථාවක. අධිකරණයට ගිහිල්ලා මේ ප්‍රශ්නේ විසඳගන්න හැදුවේ ඔබතුමන්ලා. ඒ නිසා අධිකරණයට අපි ගරු කරනවා. අධිකරණයට පුළුවන් ආකාරයට අපි පිළිතුරු බැඳලා තිබෙනවා. භාණ්ඩාගාරය හැටියට. ඒ අනුව අපි කටයුතු කරමු.

    පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්ව සිටින, රාජ්‍ය සේවකයන් පිළිබඳ විමසු ප්‍රශ්නයටද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පිළිතුරු දුන්නේය.

    "මේ ගැන සභාවේ ඊයේත් මගේ රාජ්‍ය අමාත්‍යතුමා පිළිතුරක් දුන්නා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විතරක් නෙවයි, අපේ අපේක්ෂකයොත් ඉන්නවා රාජ්‍ය සේවකයෝ. අපේ අයත් ඉන්නවා විශාල ප්‍රමාණයක් නාම යෝජනා දීලා. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා අදාල නීතිය අනුව මැතිවරණ කොමිසම කියලා තියෙනවා අපේක්ෂකයෙක්ට හිමි අයිතිවාසිකම් හා හිමි නැති අයිතිවාසිකම්. මේ ප්‍රශ්නය අපි විසඳගත යුතුයි. මේ වේදනාව අපිට දැනෙනවා. මේ වේදනාව අනුව ඉදිරිපත් වෙච්ච අය, මේ අනුව ලබා දිය හැකි උපරිම සහයෝගය, සහනය ලබා දෙන්න උපරිම බලාපොරොත්තු වෙනවා."

    "මේ සුමානේ අවසන් වෙනකොට ‍කොහොම හරි අ‍ප්‍රේල් මුලට වැටුප් දෙකක් අපි ගෙවන්න තියෙනවා හා විශ්‍රාමිකයන්ට තවත් විශාල වශයෙන් ගෙවිය යුතු මුදලත් ගෙවිය යුතුයි. ඒකට අපි ප්‍රමුඛත්වය දීලා තියෙනවා. කොහොම හරි ලැබුණු ආධාරවලින් හරි කොටසක් මඟින් මේ වැටුප් ගෙවනවා."

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya