අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත්‍රිවිධ හමුදාව දේශපාලනයට ගාව ගන්න එපා- ආරක්ෂක රාජ්‍ය ඇමතිගෙන් ඉල්ලීමක්

    මාර්තු 24, 2023

    ත්‍රිවිධ හමුදාව කිසිවිටෙකත් දේශපාලනයට ගාවා නොගන්නැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඉල්ලා සිටී.

    විශ්‍රාමික හමුදා නිලධාරින් විශාල සංඛ්‍යාවක් මේ වන විට දේශපාලන කටයුතු වල නිරත වන බවත්, වගකීමෙන් යුතුව තම දේශපාලන කටයුතු කරන්නැයි එවැනි නිලධාරින්ගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම සඳහන් කළේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ස්ථාවර නියෝග 27/2 යටතේ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරින් කිහිපදනෛක් සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, රටේ ආරක්ෂාව සහ රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීම රජයේ වගකීම බවයි.

    අපි මේ ගමන් කරන්නේ බොහොම සංකීර්ණ යුගයක. මේ යුගයේ රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු හිදැසක් තියන්න බැහැ. රාජ්‍ය ආරක්ෂාව සහ රටේ ආාරක්ෂාව වෙනුවනු කටයුතු කිරීම රජයේ වගකීම.සක්‍රීය සේවයෙන් ඉවත් වී දේශපාලනය කරන නිරධාරින්ගෙන් , තම දේශපාලනය වගකීමෙන් කරන්න කියා අපි ඉල්ලා සිටිනවා යැයි පැවසීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya