අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වත්මන් ජනාධිපතිවරයා තෝරාපත්කරගැනීම නිවැරදි තීරණයක් බව තහවුරු වුණා- ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය

    මාර්තු 24, 2023

    ජනාධිපතිවරයාගේ ආර්ථික වැඩපිළිවෙල සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය හිමිවීමට සුදුසුකම් ලැබීමත් සමඟ වත්මන් ජනාධිපතිවරයා තෝරාපත්කරගැනීම නිවැරදි තීරණයක් ලෙස තහවුරු වූ බවත්, මේ වන විට ආර්ථීකය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ මාර්ග සිතියම අනුව ආර්ථීකය යහපත් වෙමින් පවතින බවත්, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

    තැපැල් මූලස්ථාන පරිශ්‍රයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය හිමිවීම සහ ආර්ථීක තත්වය සම්බන්ධයෙන් (23) පැවති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර අමාත්‍යවරයා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදීමට නියමිත විස්තීරණ ණය පහසුකම අනවශ්‍ය ලෙස විදයම් කිරීම වෙනුවට ආයෝජනයක් වෙනුවෙන් වැය කිරීමට කටයුතු කළ යුතු බවත්, එසේ නොවුවහොත් නැවතත් ශ්‍රී ලංකාවට සිදුවන්නේ ආර්ථික වශයෙන් පිරිහීමට බවත්ය.

    එමෙන්ම සංවර්ධන කටයුතු කිරීමේදී ප්‍රමුඛතාවයක් සකස් කළ යුතු බවත්, පෙර පරිදි සිතු සිතු ආකාරයට මාර්ග ඉදිකිරීම වැනි කටයුතු නොකර ප්‍රමුඛතාවය මත තිරසර සංවර්ධනය උදෙසා කටයුතු කළයුතු බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya