නොවැම්බර් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැවතත් ශ්‍රී ලංකාවට ණය ලබාදීම සඳහා අවශ්‍ය විශ්වසනීයභාවය ලැබී තිබෙනවා - අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන

    මාර්තු 23, 2023

    ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ ආර්ථික සැලැස්ම සහ ජනතාවගේ කැපකිරීම හේතුවෙන් මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සහනය ලැබීමට සුදුසුකම් ලැබීම පදනම් කරගෙන ලෝකය තුළ නැවතත් ශ්‍රී ලංකාවට ණය ලබාදීම සඳහා අවශ්‍ය විශ්වසනීයභාවය ලැබී ඇති බවත්, එසේ නොවුනා නම් කවරකු ආණ්ඩුව භාරගත්තද සති දෙකකට වඩා රට ඉදිරියට ගෙනයාමට නොහැකි බවත්, ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද (23) පැවති “ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාවට ණය පහසුකම් ලබාදීම සහ ඉදිරි ආර්ථික කටයුතු” යන මැයෙන් පැවති මාධ්‍ය හමුවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය හිමිවීම සහ එහි කොන්දේසි සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුම්වත් කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    ණය සම්බන්ධයෙන් විශ්වාසනීයත්වය හිමි නොවුනා නම් තෙල්, ගෑස් සහ ඖෂධ වැනි මූලික අවශ්‍යතා ගෙන ඒමට විවර කරන ණයවර ලිපි ලෝකය විසින් පිළිනොගනු ඇති බවත්, එසේ වූයේ නම් එම අවශ්‍යතා සම්පූර්ණ කරගැනීමට නොහැකි වනු ඇති බවත්, අමාත්‍යවරයා පැවසීය.
    ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය සිය වගකීම කර ඇති බවද, ඉතිරි කොටස ඇත්තේ ජනතාව අත බවද, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    මීට පෙර 16 වරක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය හිිමවූ නමුත් ඉන් එක් අවස්ථාවක හෝ රට ගොඩගැනීිමට නොහැකි වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා සමඟ එකඟ වූ කොන්දේසි ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වූ නිසා බවත්, මෙම අනතුරේ බියජනක ස්වභාවය තේරුම් ගෙන කැපකිරීමට සියලු දෙනාට සිදුවන බවත්, අමාත්‍යවරයා පෙන්වාදුන්නේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya