අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අක්ෂි ආබාධ නිසා ඇතිවන අන්ධභාවය වැලැක්වීම, දැනුවත් කිරිම සහ කලින් හදුනා ගැනීම සදහා ව්‍යාපෘතියක්

    මාර්තු 23, 2023

    සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඔිස්ට්‍රෙිලියාවේ “සියල්ලන්ටම පෙනීම ලබාදීමේ” (Sight-for-All, Australia) සංවිධානය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කෙරේ.

    දියවැඩියාව, ග්ලෝකෝමාව වැනි රෝගී තත්ත්වය නිසා ඇතිවන අක්ෂි අන්ධභාවය අද මුළු ලෝකයටම තර්ජනයක් වී ඇත.

    එලෙස ජනතාව අන්ධභාවයට පත්වීමෙන් ආරක්ෂා කර ගැනීම අරමුණු කර ගනිමින් ඊට හේතු සාධක වන බෝ නොවන රෝග තත්ත්වයන් කලින් හඳුනා ගැනීම, පාලනය හා වළක්වා ගැනීම සදහා ශ්‍රී ලාංකික ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපෘතියට අදාලව ඕස්ට්‍රේලියාවේ (Sight-for-All, Australia) සංවිධානය සෞඛ්‍ය අමාත්‍යාංශය සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම 21 දින සිදු විය.

    මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරිම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා සහ ඕස්ට්‍රෙිලියාවේ sight-for-All සංවිධානයේ නිර්මාතෘ සහ අනුශාසක Dr. James Sunter Mueeke මහතා අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිනි.

    බදුල්ල පලාත් මහා රෝහලේ අක්ෂි ශල්‍ය වෛද්‍ය එරන්ද වන්නිගම මහතාගේ ඉල්ලීමක් මත ඕස්ට්‍රේලියාවේ “sight-for-All” සංවිධානය මඟින් මෙම ව්‍යාපෘතිය මෙරටට ගෙන එන ලදී. මෙහි මූලික පියවර වශයෙන් ඇමරිකන් ඩොලර් 53,130 කට අධික වටිනාකමකින් යුත් නව තාක්ෂණයෙන් සමන්විත vitreo-retina ඒකකයක් බදුල්ල පළාත් මහ රෝහල වෙත දැනටමත් ලබා දී ඇත. එමෙන්ම මෙම ව්‍යාපෘතිය යටතේ ප්‍රධාන වශයෙන්ම දිවයිනේ සියලුම රෝහල්වලට නව තාක්ෂණික අංගවලින් සමන්විත දියවැඩියා සහ ග්ලෝකොමා රෝගී තත්ත්වයන් කලින් හඳුනා ගැනීම සදහා යොදා ගන්නා උපකරණ ලබාදීමට ද නියමිතය.

    මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා කියා සිටියේ ශ්‍රී ලංකාව කෙතරම් සංකීර්ණ තත්වයක වුවද නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්තිය ජනතාව වෙනුවෙන් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි. අත්‍යාවශ්‍ය ශල්‍යකර්ම, අක්ෂි රෝගීන් සඳහා කාච දැමීම, අක්ෂි සැත්කම් බොහොමයක් දිවයිනේ රජයේ රෝහල්වල ක්‍රියාත්මක බවත්, දියවැඩියාව නිසා ඇතිවන ඇසේ සුද, ග්ලෝකෝමා තත්ත්වය වත්මනයේ තර්ජනයක් ව ඇති බවයි. පෙර වසරවලට වඩා දියවැඩියා තත්ත්වය 12% ක වර්ධනයක් පෙන්නුම් කරන බවත්, ග්ලෝකෝමා රෝගී තත්ත්වය ද මීට සාපේක්ෂව ඉහළ ගොස් ඇති බව ද පැවැසීය. රෝග කලින් හඳුනාගැනීම හා ප්‍රතිකාර කටයුතු කඩිනමින් සිදු කිරීම වැදගත් වන බවත්, ආර්ථික අර්බුදය හමුවේ රජයක් වශයෙන් දිවයිනේ සමහර රෝහල් සඳහා තාක්ෂණික තත්ත්වයන් සපයාදීමේ අර්බුදයක සිටියත් කෙසේ හෝ ජනතාවගේ අක්ෂි සුරක්ෂිත කිරීමට පහසුකම් සපයන බව ද පැවැසීය.

    ශ්‍රී ලංකා පුරවැසියන්ගේ දෑස් ආරක්ෂා කිරිම අරමුණු කර ගත් ඕස්ට්‍රේලියාවේ මෙම ව්‍යාපෘතියට ස්තූතිය පුද කරන බවත්, නව තාක්ෂණික පහසුකම් මෙන්ම අක්ෂි රෝග විනිශ්චය කිරීම සඳහා අවශ්‍ය වන අංග රැසක් බදුල්ල මහ රෝහලට පරිත්‍යාග කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික අංගයක් වන බව ද කීය. එතනින් නොනැවතී මෙරට සමස්ත රෝහල් පද්ධතිය තුල ම මෙම නව තාක්ෂණික උපාංග වැඩිදියුණු කිරීම ද මෙම ව්‍යාපෘතිය යටතේ සිදුවන බව ද සෞඛ්‍ය ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් පැවැසීය.

    මෙහිදී අදහස් දක්වමින් ඔිස්ට්‍රෙිලියාවේ Sight-for-All සංවිධානයේ නිර්මාතෘ සහ අනුශාසක Dr. James Sunter Mueeke මහතා සඳහන් කළේ මුළු මහත් ලෝකයටම තර්ජනයක් වෙමින් පවතින දියවැඩියාව තත්වය හා ඇස් වල ග්ලුකෝමා තත්ත්වය නිසා ඇතිවන අන්ධභාවය වැලැක්වීම සඳහා වන දැනුවත් කිරීමේ වැඩසටහන් මෙහෙයවීමේ තත්කාලීන වැඩසටහනක් මෙරට දියත් කිරීමට ලැබීම වටිනා කාර්යයක් බවත්, ඒ සදහා අවස්ථාව ලැබීම පිළිබදව තමා සතුටට පත්වන බවත්ය. මේ සඳහා වන මූලික ඉල්ලීම සහ අඩිතාලම ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් බදුල්ල පළාත් මහ රෝහලේ අක්ෂි ශල්‍ය වෛද්‍ය එරන්ද වන්නිගම මහතාට සිය විශේෂ ස්තුතිය පිරිනමන බව ද පැවැසීය.

    මෙම අවස්ථාවට අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) වෛද්‍ය සුනිල් ද අල්විස්, වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සුදත් ධර්මරත්න ඕස්ට්‍රේලියාවේ මහ කොමසාරිස්, විදේශ කටයුතු සහ වෙළඳ දෙපාර්තමේන්තුවේ පළමු ලේකම් M.S Erika Seyur, Sight-for-All ව්‍යාපෘතියේ සම්බන්ධීකාරක වෛද්‍ය Ye Win යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya