අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශීය සහ විදේශීය ආර්ථිකය ජයගත හැකි පරිදි පුහුණු තරුණ බලකායක් ස්ථාපිත කරනවා - අගමැති දිනේෂ් ගුණවර්ධන

    මාර්තු 23, 2023

     

     

    -විකල්ප බලශක්තිය නිපදවා ගැනීමට ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි -අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා

    -අනාගත සමෘද්ධිය උදෙසා, විවේචනාත්මකව සහයෝගය දෙන්නැයි විපක්ෂයේ සියලු පාර්ශ්වවලට අගමැතිවරයා අරාධනා කරයි

     

    දේශීය සහ විදේශීය ආර්ථිකය ජයගත හැකි පරිදි පුහුණු තරුණ බලකායක් ස්ථාපිත කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසිය. තරුණයන්ගේ රැකියා බලාපොරොත්තු ඉටු කිරීමට, පුහුණුව ලබාදීමේ ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක බවද ඔහු සඳහන් කළේය. ව්‍යවසායකින් ලෙස දියුණු වීමට තරුණ පරම්පරාවට හැකියාව සහ අවස්ථාව ලබාදිය බවද ඔහු කියා සිටියේය. අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, IMF ගිවිසුම සභාගත කර එම ණය අනුමතවිම පිළිබඳ ජනාධිපතිවරයා 2023.03.22 පාර්ලිමේන්තුවේ කළ විශේෂ ප්‍රකාශය සම්බන්ධයෙන්, පාර්ලිමේන්තුවේ පැවති විවාදයට 2023.03.23 දින එක්වෙමිනි.

    මේ අර්බුදය මැද, අපේ ගොවි ජනතාව සාර්ථක අස්වැන්නක් ලබාගැනීම පිළිබඳ, සිය ආඩම්බරය ඔවුන් වෙත පිරිනමන බවද අග්‍රාමාත්‍යවරයා කීය.

    රටේ සියලු පුරවැසියන් පසුගිය හය මාසයේ මුදල් ශික්ෂණයකට පුරුදු වූ බවත්, දෙපාර්තමේන්තු, ආයතනද එසේ කටයුතු කළ බවත්, නාස්තිය හා දුෂණය වැළක්වීමට පදනම එය බවත් ඔහු ප්‍රකාශ කළේය.

    IMF වැඩසටහන මගින් මුළු මහත් ජාතියට ම දොරටුවක් විවෘත වී ඇති බව පැවසූ අග්‍රාමාත්‍යවරයා, පෙනෙන නොපෙනෙන බාධක මැද හුස්ම ගැනීමට අවස්ථාව උදා වී ඇති බවද පැවසිය.

    පසුගිය මාස 7, මෙරට ඉතිහාසයේ දුෂ්කර ම කාල පරිච්ඡේදය බවත්, එසේ වුවද කිසිදු රාජ්‍ය සේවකයෙකුගේ රැකියා සම්බන්ධයෙන් ප්‍රශ්නයක් සිදු නොවූ බවත්, පෞද්ගලික අංශයේද ලක්ෂ ගණන් ජනතාවගේ රැකියා සුරක්ෂිත කිරීමට පියවර ගත් බවත් කියා සිටියේය. එමෙන්ම රාජ්‍ය අංශය සහ පුද්ගලින අංශය සහයෝගයෙන් කටයුතු කළ බව කී ඔහු, ආර්ථිකය සඳහා පෞද්ගලික අංශය විශේෂයෙන් අවශ්‍ය බවද අවධාරණය කළේය. රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය ගැන සාකච්ඡා කර විසඳා ගතයුතු බරපතළ ගැටළුවක් බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා, හෝටල් තවදුරටත් රජයෙන් පවත්වාගෙන යා යුතුද යන්න ප්‍රශ්න කළේය.

    පසුගිය දා තමන් තවත් මහජන නියෝජිතයන් සමග උමා ඔය යෝජනා ක්‍රමය නිරීක්ෂණයට, අඩි 1600ක් පමණ පොළොව ගැඹුරට ගිය බවත්, එමගින් තව මාස දෙක තුනකින් මෙ. වො. 120ක විදුලි බලයක් ජාතික පද්ධතියට එක්වන බවත් කී අගමැතිවරයා, කුමන අර්බුද පැමිණියත් මෙවැනි කටයුතු ඉටුකරන බවත් කිය. සූර්ය , සුළං ආදිය තුළින් විකල්ප බලශක්තිය නිපදවා ගැනීමට ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය බවද ඔහු පැවසීය. එවිට තෙල්, ගෑස් මිල අඩු කළ හැකි බවද ඔහු සඳහන් කළේය.

    තව තවත් විදේශ විනිමය එවන ලෙස, රටට විදේශ විනිමය ප්‍රේෂණය කරන ජනතාවට අරාධනා කළ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, එසේ විදේශ විනිමය එවීම වර්ධනය වී ඇති බවත්, එම විශ්වාසය වර්ධනය වී ඇති බවත් කීය. එමෙන්ම සංචාරක ක්ෂේත්‍රය වර්ධනය වී ඇති බවද ඔහු පැවසිය.

    කෝවිඩ් අර්බුදය නිසා ශ්‍රි ලංකාව පමණක් නොව, ලොව රටවල් බොහොමයක ආර්ථිකයන් කඩා වැටුන බව පැවසූ ඔහු, මෙහිදී ආර්ථික අවදානමේ පසුවන කණ්ඩායම් ගැන විශේෂ අවධානය යොමු කළ යුතු බවත් ප්‍රකාශ කළේය.

    අර්බුදය ජය ගැනීමට අලුතින් කල්පනා කළ යුතු බවත්, විද්‍යුත් ආණ්ඩුකරණය වැනි නව සංකල්ප ගැන සිතිය යුතු බවත් , ඒ සම්බන්ධයෙන් පෞද්ගලික අංශය ඉදිරියෙන් සිටින බවත්, අගමැතිතුමා කියා සිටියේය. විශ්වවිද්‍යාල දියුණු කළ හැක්කේ නව තාක්ෂණය සමගින් බවත්,ඔහු කීය.

    රට අර්බුදයෙන් ගොඩගැනීම සඳහා සියලු දෙනාට එකතු වන ලෙස ජනාධිපතිතුමා ආරාධනා කර ඇති බවද අගමැතිවරයා සිහිපත් කළේය. එමෙන්ම අග්‍රාමාත්‍යවරයා ලෙස තමන්ද එකඟතාවයකට පැමිණෙන්නැයි, විවේචනාත්මකව සහයෝගය දෙන්නැයි විපක්ෂයේ සියලු පාර්ශ්වවලට අරාධනා කරන බව කියා සිටියේය. අනාගත සමෘද්ධිය ලැබෙන්නේ එවිට බව ඔහු අවධාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya