කැලණි ගංගා ද්‍රෝණියේ බහු කාර්ය සංවර්ධන යෝජනා ක්‍රමයක් සඳහා, පාර්ලිමේන්තුවේ අනු කමිටුවක් ස්ථාපිත කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතා, පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළේය. වාරිමාර්ග අමාත්‍යවරයාගෙන් (22 දින ) ප්‍රශ්නයක් විමසමින් ඔහු මෙම ඉල්ලීම කළේය. කැළණි ගඟ පිළිබඳව මේ ගැටළුව වසර 90ට වැඩි කාලයක් පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට ලක් වෙතත්, අද වනතුරු සැලසුම් සහගත වැඩසටහනක් නොමැති බව ඔහු පෙන්වා දුන්නේය.
කැලණි ගඟේ ගංවතුර තත්ත්වයෙන් වන හානිය සඳහා අවුරුදු හතර පහකගෙවා තිබෙන මුදල යොදා ගත්තේ නම්, සංවර්ධන ව්‍යාපෘතියක් සාර්ථකව ක්‍රියාත්මක කළ හැකි බවද ඔහු කිය. මෙහිදී පිළිතුරු දුන් වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා පැවසුවේ යදාමිණි ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ අදහස අනුව, ඉතාමත් ම නුදුරු දිනයකදී ඒ අවශ්‍ය කමිටුව පිහිටුවා සියලුම දෙනාගේ අදහස් ලබාගෙන, කැලණි ගඟේ ගංවතුර පාලන ව්‍යාපෘතිය සඳහා එය උපයෝගී කරගන්න බවය.
කැළණි ගඟ ජල විදුලි උත්පාදනය කරන්නට අවකාශය තියෙන ප්‍රදේශයක් බවත්, ඉතාමත්ම වැඩි වර්ෂාපතනයක් ලංකාවේ වාර්තා වන ප්‍රදේශයක් නිසා මේ වැඩි අතිරික්ත ජලය ඟං වතුර පාලනය වගේම ජල විදුලි උත්පාදනයත්, අනෙකුත් ජලය, ජල හිඟයන් තියෙන ප්‍රදේශ කරා ගෙන යාමට හැකියාව පවතින බවත්, මන්ත්‍රීවරයා කියා සිටියේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතා මෙසේද කීය.
"අද වන විට වර්තමානයේ වාරි කර්මාන්තය අපි එදා තිබුණු නිර්වචනයන්ට එහා ගමන් කරන්න ඕන. කොළඹ නගරයේ පවා තියෙනවා වාරිමාර්ග අමාත්‍යංශයට අයත් ප්‍රදේශයන්, ඇළ මාර්ග හා වැව්, ඒ කියන්නේ කෘෂිකර්මාන්තය පමණක් නොවෙයි වාරි කර්මාන්තය ඊට පුළුල් වූ විෂය පතයකට යන්න ඕන. කැළණි ගඟ පිළිබඳ මේ ප්‍රශ්නය වසර 90කට වැඩි කාලයක් මේ උත්තරීතර සභාවේ අපි සාකච්ඡා කරනවා. නමුත් අද වෙනකම් සැලසුම්සහගත වැඩසටහනක් නැහැ. ඒ නිසා වම් අත කරන දේ දකුණු අත නොදන්න නිසා ගරු ඇමතිතුමා ඉදිරිපත් කරපු තොරතුරුවලින් අනාවරණය වෙනවා, අති විශාල ධනස්කන්ධයක් ආපදා හේතු නිසා රජයකට වැය කරන්න වෙලා තියෙනවා, සැලසුම් සහගතව මෙය නතර කරන්න කටයුතු නොකිරීම නිසා.
ඒ නිසා ගරු ඇමතිතුමා අපදා වන්දිවලට අමතරව රක්ෂණ බාරයන් හරහා ගෙවා තියෙන මුදල ඊටත් වඩා විශාල ධනස්කන්ධයක්. කැලණි ගං මිටියාවතේ වම් ඉවුරත් , දකුණු ඉවුරෙත් ජිවත්වෙන අධික නාගරික ජන ජීවිතවල පවතින ගේ දොර උපකරණ සහ මුලින් ගංවතුර තත්ත්වයේදී, විනාශයට පත් වෙනවා. කෘෂිකර්ම සියලුම කටයුතුවලින් ඉවත්වෙන්න වෙනවා ඒ කාල පරිච්ජේදයේදී. සියලුම ආර්ථීක ක්‍රියාදාමයන් ඇණිහිටිනවා. සමස්ත ආර්ථිකයට ලංකාවේ කේන්ද්‍රිය ආර්ථිකය දුවන ප්‍රදේශය හැටියට කොළඹ ගම්පහ අතර තියෙන මේ කැළණි ගඟේ ගංවතුර පාලනය අපට වසර 90වකට කරගන්න නොහැකි වීම නිසා ජාතික ආර්ථිකයට විශාල හානියක් තවමත් වෙමින් පවතිනවා. වසරකට ගණං බලල තියෙන විදියට ඇ.ඩො. මිලියන 200ක විතර හානියක්. දැන් ගරු ඇමතිතුමා සදහන් කරපු කටයුතු ටික එකතු කරල බැලුවම ඒ ටික ක්‍රියාත්මක කරන්න අවුරුද හතර පහක හානියට ඇතිවන මුදල පරිවර්තනය කර ගත්තනම් මේ වන කොට සාර්ථකව කරගෙන යන්න තිබුණා."
"මා අසන ප්‍රශ්නය තමයි මේ කරුණු ඉදිරිපත් කරල පසුගිය විෂය අමාත්‍යංශ කමිටුවේදී අපි ඉල්ලා සිටියා, අනු කමිටුවක් ස්ථාපාත කරන්න කියල බහු කාර්ය කැලණි ගංඟා ව්‍යාපෘතිය ඉදිරියට ගෙනියන්න. ඒ අනුව ගංවතුර පාලනය, පිරිසිදු පානීය ජලය අවශ්‍යතාවය සපුරාලන්න අධික ජනාකීර්ණ දිස්ත්‍රික්ක දෙකට සැපයීම සහ ඒ වගේම තවත් අභ්‍යන්තර ජල ප්‍රවාහන කටයුතු සඳහා මේ ගඟ ආශ්‍රිත ප්‍රදේශය කොහොමද පාවිච්චි කරන්නෙ කියල. මේ කමිටුව සම්බන්ධයෙන් දැනට ගෙන ඇති ක්‍රියාමාර්ගය කුමක්ද කියල ගරු ඇමතිතුමාගෙන් දැන ගන්න කැමතියි."
සුදර්ශන දෙනිපිටිය මන්ත්‍රීතුමාත්, ශෂින්ද්‍ර රාජපක්ෂ ඇමතිවරයාත් ඇතුළව ඒ ප්‍රදේශයේ ඌවේ මන්ත්‍රීවරුන් රාශියකගේ ඉල්ලිම මත ගරු අග්‍රාමාත්‍යතුමා පසුගිය දවසේ ඌවේ මහ ඔය ව්‍යාපෘතිය නිරීක්ෂණය කරන්න කිලෝ මීටර භායක් විතර රට අභ්‍යන්තරයට ගමන් කළා. මේ මහ පොළවේ අභ්‍යන්තරයට ගියා. නවීන තාක්ෂණ ක්‍රම උපාය මඟින් ජල විදුලි උත්පාදනය සඳහා ගෙන ඇති ව්‍යාපෘතියක්. දැන් කැළණි ගඟ ඊට වඩා බොහොම සරලව ජල විදුලි උත්පාදනය කරන්නට අවකාශය තියෙන ප්‍රදේශයක්. ඉතාමත්ම වැඩි වර්ෂාපතනයක් ලංකාවේ වාර්තා වන ප්‍රදේශයක්. මේ වැඩි අතිරික්ත ජලය ඟං වතුර පාලනය වගේම ජල විදුලි උත්පාදනයත් අනුකුත් ප්‍රදේශ ජල හිඟයන් තියෙන ප්‍රදේශ කරා ගෙන යන්න මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කරන්න තවත් අවකාශ කැළණි මිටියාවතේ තියෙනවද? මේ ද්‍රෝණියේ තියෙනවද? විශේෂයෙන් ගරු ඇමැති තුමාගෙන් දැන ගන්නට කැමතියි."