අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආර්ථීකය ගොඩනැගීමට ව්‍යවසායකයන් ඇතුලු සියලු දෙනාගේ සහාය ජනාධිපතිවරයාට ලබාදිය යුතුයි

    මාර්තු 22, 2023

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ආධාර හිමිවීමෙන් පසුව ආර්ථීකය ගොඩනැගීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තනිව කළ නොහැකි බවත්, ව්‍යවසායකයන් ඇතුලු සියලු දෙනාගේ සහාය ජනාධිපතිවරයාට ලබාදිය යුතු බවත්,තායි සුමේධ හඳුන්කූරු සමාගමේ සභාපති සුමේධ අල්පිටිය මහතා පවසයි.

    ව්‍යවසායකයන් දිරිගන්වමින් ආර්ථිකය ගොඩනංවන්නේ කෙසේද යන මැයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද (22) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දක්වන ඒ මහතා පවසන්නේ මූල්‍ය අරමුදලේ සහනය ලැබීමෙන් පසුව නැවතත් ණය ලැබෙනතුරු බලාසිටීම නොව කළයුතු වන්නේ ව්‍යවසායකත්වය තුළින් විදේශ ප්‍රේෂණ ලැබීම වැඩිකිරීම බවත්, ඒ සඳහා ව්‍යවසායකයන් ඉදිරිපත් විය යුතු බවත්ය.

    මෙම අවස්ථාවට එක්වූ තන්ත්‍රි ට්‍රේලර්ස් සමාගමේ සභාපති අතුල සපුතන්ත්‍රි මහතා පවසන්නේ ව්‍යවසායකත්වය පාසල තුළින්ම ඇතිවිය යුතු එකක් බවත්, ඉදිරියේදී පාසල උපයෝගී කරගෙන ව්‍යවසායකයන් ඇතිකිරීමත් ව්‍යවසායකයන් හඳුනා ගැනීමත් කළ යුතු බවත්, වර්ථමානයේ ඇතිවූ අර්බුදය යලි ඇති නොවීමට ව්‍යවසායකත්වයෙන් යුතු ජාතියක් ඇති කළ යුතු බවත්ය.

    මෙම අවස්ථාවට මයික්‍රෝ ඉලෙක්ට්‍රිකල්ස් සමාගමේ සභාපති ධම්මික සමරවික්‍රම මහතාද එක්වූ අතර ඒ මහතා අදහස් දක්වමින් පැවසුවේ, අපේ රටේ අපනයන විදේශයන්හි ගෙනයාමටත් මෙරට සන්නාමය විදේශය තුළ ඇතිකිරීමටත් කටයුතු කළ යුතු බවයි.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya