අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දියර කිරි කර්මාන්තය නගා සිටුවීමට රජය පියවර ගණනාවක් ගෙන තිබෙනවා - කෘෂි ඇමති

    මාර්තු 22, 2023

    මෙරට දියර කිරි කර්මාන්තය නගා සිටුවීම සඳහා රජය පියවර ගණනාවක් ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී අද(22) ප්‍රකාශ කළේය.

    දියර කිරි කර්මාන්තය නගා සිටිවීම සඳහා රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    අද මෙරට කිරි කර්මාන්තකරුවන් මුහුණ දෙන ප්‍රධාන ගැටළුවක් වන්නේ, ගවයින්ට අවශ්‍ය ආහාර නොමැති වීම බව පෙන්වා දුන් අමාත්‍යවරයා වගා නොකරන කුඹුරු ඉඩම් වල තෘණ වගා කිරීම , බඩඉරිගු වැනි සත්ව ආහාර ප්‍රවර්ධනය කිරීම හරහා ගවයින්ගේ කිරි වැඩි කිරීම, මෙන්ම කිරි ගොවීන් දිරිමත් කිරීම අවශ්‍ය පසු වෛද්‍ය පහසුකම් දියුණු කිරීම මෙන්ම දියඑ කිරි ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වැනි කටයුතු රාශියක් රජය ගෙන ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

    තවද හොඳ සතුන් මෙරටට ආනයනය කිරීම, පාඩු ලබන ගොවිපළවල් පෞද්ගලික අංශය සමග එක්ව නගා සිටුවීම හරහා කිරි නිෂ්පාදනය වැඩි කිරීම සඳහා කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.
    දරුවන් සහ අඩු ආදායම්ලාභී පවුල් වල වැඩිහිටියන්ගේ ආහාර ගැටලු සහ ඌණ පෝෂණ ගැටලු සම්බන්ධයෙන් යොමු කල ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා ගොවීන්ගෙන් වී මිලදී ගෙන අඩු ආදායම්ලාභී පවුල් වෙත ලබා දීමේ වැඩපිළිවෙලක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත් වීමෙන් මාර්තු මාසයේ සිට ක්‍රියාත්මක කරන බවද සඳහන් කළේය.දරුවන්ට සහ වැඩිහිටියන්ට ආහාර සපයා ගැනීමේ ගැටලු තිබෙන බවත් ඒ සඳහා අධ‍්‍යාපන අමාත්‍යංශය මැදිහත් වී විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවද කීය.

    අද ගොවියා ඉතාමත් උද්යේගයෙන් වැඩ කරනවා.විවිධ සංවිධාන ගොවියා ගොවිබිමෙන් ඉවත් කරන්න කටයුතු කරන නමුත් ඒ සියල් ල අභිබවා ගොවීන් වැඩ කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya