නොවැම්බර් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    IMF මූල්‍ය පහසුකම ලැබීම නිසා එළඹෙන සතියේ සිට ණයවර ලිපි නිකුත් කිරීමට හැකියි- විදුලිබල හා බලශක්ති අමාත්‍ය

    මාර්තු 21, 2023

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම ලැබීම නිසා එළඹෙන සතියේ සිට ණයවර ලිපි නිකුත් කිරීමට හැකි වනු ඇති බවත් ඉදිරියේදී ඉන්ධන සඳහා ජනතාවට දැනෙන සහනයක් ලබා දීමට හැකි වනු ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    එළඹෙන දෙසැම්බර් මාසය වන විට එම සහනය විදුලි බිලටද ලබා දීමට හැකිවනු ඇතැයි බලශක්ති අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. . ඛනිජ තෙල් සම්පත් පනත යටතේ නියෝග කිහිපයක් පිළිබඳ අද පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් බලශක්ති අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    වියදමට සරිලන ගාස්තු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට හැකි වූ නිසා මේ වන විට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීමට හැකි වූ බවද බලශක්ති අමාත්‍යවරයා පෙන්වා දුන්නේ්ය.මෙම සහණ ලැබෙන විට ආයෝජකයින් දිරිමත් වනු ඇති බවත්, එහෙත් මෙම අවස්ථාවේදී පටු දේශපාලන අරමුණු උදෙසා උද්ඝෝෂණ සහ වැඩ වර්ජන කිරීමෙන් වළකින ලෙසද හෙතෙම ඉල්ලා සිටියේය. ඛනිජ තෙල් සංස්ථාවේ ප්‍රතිව්‍යහගත කිරීමේ කටයුතු පිළිබඳ ඉදිරියේදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද බලශක්ති අමාත්‍යවරයා පනේවා දුන්නේය.

     

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ, බොරතෙල් මිල අඩු වෙමින් තියෙනවා. ඒ වගේම රුපියලත් ශක්තිමත් වෙනවා. ඉන්ධන මිල සහනයක් දෙන්න කියලා ජනාධිපතිතුමා දැනටමත් මට උපදෙස් දීලා තියෙනවා. අපි ඒ සහන දෙනවා'' යනුවෙනි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya