අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මඩ පොහොර ( TSP)මෙට්‍රික් ටොන් 36,000ක් රැගත් නෞකාව කොළඹ වරායට

    මාර්තු 18, 2023

    වගා කන්න 03කට පසු පළමු වතාවට මෙරට වී වගාවට අවශ්‍ය මඩ පොහොර ( TSP)මෙට්‍රික් ටොන් 36,000ක් රැගත් MV INCE PACIFIC නෞකාව ඊයේ (16) කොළඹ වරායට පැමිණ තිබේ.

    එසේම ඉදිරියේදී තවත් එවැනිම මඩ පොහොර නෞකාවක් පැමිණීමට නියමිතය.

    එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ USAID ආයතනවල දායකත්වයෙන් මෙම මඩ පොහොර ලබා දී තිබේ. 2022/23 මහ කන්නයේ වී වගා කළ එහෙත් 2023 යල කන්නයේ වී වගා කළත් නොකළත්, මෙරට ලක්ෂ 12ක් වන සියලුම වී ගොවීන්ට මෙම මඩ පොහොර තොගය නොමිලයේ ලබා දීමට කටයුතු යොදා ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර ඇති පරිදි, හෙක්ටයාර් 01කට මඩ පොහොර කිලෝග්‍රෑම් 55ක් බැගින් නොමිලයේ ලබා දීමට නියමිතය.

    ඒ අනුව වගා කන්න 03කට පසු සියලුම පොහොර වර්ග එකවර ලැබෙන එකම වගා කන්නය මෙම යල කන්නය වේ. ඒ අනුව මඩ පොහොර , යූරියා සහ බණ්ඩි පොහොර (MOP) යන රසායනික පොහොර වර්ග 03ම ගොවීන්ට ලබා දීමට කටයුතු කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    මෙම මඩ පොහොර තොගය නිල වශයෙන් භාරදීම හා ගොවීන්ට බෙදා හැරීමේ කටයුතු ලබන ඉරිදා (19) පස්වරු 01.00ට වත්තල කොමර්ෂල් පොහොර සමාගම් පරිශ්‍රයේදී සිදු කෙරේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya