මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2023 වසරේ ගතවූ කාලය තුළ ශ්‍රි ලාංකිකයෝ 1678ක් දකුණු කොරියාවේ රැකියාවලට

    මාර්තු 18, 2023

    2023 වසරේ ගතවූ කාලය තුළ ශ්‍රි ලාංකිකයෝ 1678ක් දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව යති.

    කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා, මෙම අමාත්‍යධූරයේ රාජකාරි ආරම්භ කිරීමත් සමග ශ්‍රී ලාංකිකයින්ට වැඩි වශයෙන් දකුණු කොරියාවේ රැකියා අවස්ථා ලබාගැනීම සඳහා එරට බලධාරීන් සමග සාකච්ඡා කරන ලදී. එතෙක් මන්දගාමී ස්වරූපයක් ගෙන තිබූ කොරියානු රැකියා සඳහා පිටත්කිරීම, අමාත්‍යවරයාගේ සෘජු මැදිහත්වීමත් සමග එක් සතියකට කණ්ඩායම් කිහිපයක් පිටත් කිරීම ආරම්භ කරන ලදී.

    එහි ප්‍රථිඵලයක් වශයෙන් 2023 වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා ගතවූ කාලය තුළ දකුණු කොරියාවේ රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් 1678 දෙනෙකු පිටත් කිරීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට හැකිවී තිබේ. ඒ අතරට පළමු වරට දකුණු කොරියාවේ රැකියා සඳහා පුද්ගලයින් 1398ක්ද, හා නියමිත සේවා කාලය අවසන් කර යළි එම ස්ථානයටම රැකියාවට ගිය (Re-entry) පුද්ගලයින් 280ක් අයත් වේ. ඉන් නිෂ්පාදන ක්ෂේත්‍රය සඳහා 1490 දෙනෙකු හා ධීවර ක්ෂේත්‍රයේ රැකියා සඳහා 188 දෙනෙකු පිටව ගොස් තිබේ. මෙම පිරිස පිරිමි ශ්‍රමිකයින් 1662 දෙනෙකුගෙන් හා කාන්තා ශ්‍රමිකයින් 16 දෙනෙකුගෙන් සමන්විත වේ.

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා දකුණු කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම ප්‍රකාරව ශ්‍රි ලාංකිකයින්ට දකුණු කොරියාවේ රැකියා අවස්ථා හිමිවේ. එම අවබෝධතා ගිවිසුම අනුව 2004 වසරේ සිට අඛණ්ඩව මේ දක්වා ශ්‍රි ලාංකිකයින් දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යන අතර, අද වන විට තරුණ ප්‍රජාව දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යාමට වැඩි උනන්දුවක් ඇතිවී තිබේ.

    2023 වසර තුළදී ශ්‍රි ලාංකිකයින් 6500ක පිරිසක් සඳහා දකුණු කොරියාවේ රැකියා සඳහා යොමුකිරීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අපේක්ෂා කරයි.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya