අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම තැනකට ගෙන තිබේ- සෞඛ්‍ය ඇමති ඇමරිකානු තානාපතිනියට කියයි

    මාර්තු 18, 2023

    මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඉහළ විනිවිදභාවයක් සහිතව මේ වනවිට වඩාත් කාර්යක්ෂම කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

    ඒ සඳහා වන වැඩපිළිවෙල අදාළ ආයතන තුළ මේ වන විට සාර්ථකව ක්‍රියාත්මකව පවතින බව ද ඒ තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළ කාර්යක්ෂමතාවයක් ඉදිරියේ දී බලාපොරොත්තු විය හැකි බවද අමාත්‍යවරයා පැවසීය.

    ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි ජියෝන් චං ( Julie Jiyoon Chung) මහත්මිය හමුවේ අමාත්‍යවරයා මේ බව කීය. ඇමෙරිකානු තානාපතිනිය, (17) පෙරවරුවේ එම අමාත්‍යාංශයේදී අමාත්‍ය රඹුක්වැල්ල මහතා හමුවී මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළාය.

    ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා වැඩි කාලයක් ගත වෙමින් තිබූ බවත් ඒ සඳහා ගතවන කාලය මේ වන විට අවම තත්ත්වයකට ගෙනවිත් ඇතැයිද අනුමැතීන් 18ට යොමු කළ මෙම ක්‍රියාවලිය අදාළ වෘත්තිකයන්ගේද අදහස් සමගින් මේවන විට අඩු කර ඇතැයිද මෙහිදී පැවසූ අමාත්‍යවරයා ගුණාත්මකභාවය , ගබඩා පහසුකම් ආශ්‍රිත සුරක්ෂිතභාවය ආදිය පිළිබඳ එහිදී වැඩි සැලකිල්ලක් දක්වන බවත් පෙන්වා දුන්නේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

    “ආසන්න වසර පහේ අපගේ ඉල්ලුම හා එයට සරිලන සැපයුම මෙහිදී ඇණවුම් කරන ක්‍රියාවලිය තුළ අපි ගණනය කළා. ඖෂධවල ගුණාත්මක භාවයට හානි නොවන ලෙසත් ගබඩාකරණයේ දී සුරක්ෂිතභාවයට ගැටලු ඇති නොවන ලෙසත් මෙම ඇනවුම්කරණය කඩිනම් කිරීමට පියවර ගන්නවා.”

    මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය ඖෂධ පිළිබඳ සැලකීමේදී පිළිකා ,හෘද රෝග හා වකුගඩු රෝගීන් සඳහා වන ඖෂධ ලබා ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය අපේක්ෂා කරන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා ඇමරිකානු තානාපතිවරිය හමුවේ මෙහිදී පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya