අප්‍රේල් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දැන් කළ යුතුව ඇත්තේ මහපාරේ උද්ඝෝෂණය කර,රට අකර්මණ්‍ය කිරීම නොව රටේ ආර්ථික සංවර්ධනය සඳහා සියළු දෙනා වැඩ කිරීමයි

    මාර්තු 17, 2023

    දැන් කළ යුතුව ඇත්තේ මහපාරේ උද්ඝෝෂණය කර, රට අකර්මණ්‍ය කිරීම නොව රටේ ආර්ථික සංවර්ධනය සඳහා සියළු දෙනා වැඩ කිරීම බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා අවධාරණය කරයි.

    ඒ මහතා පෙන්වා දෙන්නේ, නිදහස් අධ්‍යාපනයෙන්, ප්‍රතිලාභ ගෙන මහපාරේ අරගල කර ජනතාව පීඩාවට පත්කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බව යි.

    කනක හේරත් මහතා මේ බව සඳහන් කළේ, (15) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැති සුහුරුළිය ජාතික කාන්තා සමුළුවට සහභාගි වෙමිනි.

    තාක්ෂණ අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මගින් ක්‍රියාත්මක කළ "සුහුරුළිය" වැඩ සටහන යටතේ, සාර්ථකත්වය කරා එළඹුණු කාන්තා ව්‍යවසාකයන් ඇගයීම මෙහිදී සිදුකෙරිනි.

    කාන්තා ව්‍යවසාකයන්ගේ නිෂ්පාදන ඩිජිටල් අලෙවිකරණය ඔස්සේ වෙළඳ පොල ට රැගෙන යාම සඳහා අවශ්‍ය ඩිජිටල් තාක්ෂණ දැනුම, හා මඟපෙන්වීම , ලබා දීම සුහුරුළිය ව්‍යාපෘතියේ අරමුණ වේ. 2016 වසරේ දී ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය මගින් මේ වන විට කාන්තා ව්‍යවසාකයන් 17000 ක්,පමණ බලගන්වා තිබෙන අතර එයින් 175000 පමණ පිරිසකට සිය ජීවන තත්ත්වය වර්ධනය කර ගැනීම ට අවශ්‍ය ධනාත්මක පසුබිමක් නිර්මාණය වී ඇතිබව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පෙන්වා දෙයි.

    සමුළුවට එක්වෙමින් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා.

    " අද රටේ ආර්ථික අර්බූදය ක් පවතින බව රහසක් නොවේ, ඒත් අපි මීට වසරකට එහා හිටපු තත්ත්වය දිහා බලන විට කිසියම් සාධනීය ප්‍රගතියක් ළඟා කර ගෙන තිබෙනවා. රටට ඩොලර් ලැබෙන්නේ සීමා සහිත ක්ෂේත්‍ර වලින් පමණයි. නිෂ්පාදන අපනයන, සංචාරක ව්‍යාපාරය, මැද පෙරදිග රැකියා වල නිරත බහුතරය ක් කාන්තාවන් ගෙන්, ඒත් පටු දේශපාලන උවමනාවන් වෙනුවෙන් පාරෙ උද්ඝෝෂණය කරන එක රටේ ආර්ථිකය ආපස්සට ගෙනයන වා.
    නිදහස් අධ්‍යාපනයෙන් විශ්ව විද්‍යාලයට ගිහින් ඉන්නෙ මහපාරේ, විශ්ව විද්‍යාලය නිමා කර රැකියා ඉල්ලගෙනත් මහපාරේ උද්ඝෝෂණ, රැකියාවක් ලැබිල ත් මහපාරේ උද්ඝෝෂණ, මෙහෙම රට ක් සංවර්ධනය කරන්න පුළුවන් ද කියන එක ත් ගැටලුවක්. සංචාරකයින් රටට එන්න පටන් අරන්, මේ උද්ඝෝෂණ නිසා ඔව්න් ආපසු හැරී යනවා. රට ගැන වැරදි පණිවිඩය ක් ලෝකය ට යනවා. අද මේ දිරිය කාන්තාවන්, තමන්ගේ ස්ව උත්සහය ඇතිව රටට කරන්නේ විශාල සේවයක්, ඔබ රටට බරක් වෙලා නැහැ.
    අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගේ, ඉලක්කය ක් තිබෙනවා මේ රට ඩිජිටල් ආර්ථිකය ක් සඳහා මෙහෙය වන්න. ඒ සඳහා රටේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සංවර්ධනයක් අවශ්‍යයි, ඒ සඳහා දැනුම ඇති පිරිසක් අවශ්‍යයි. ඒ අනුව 2030 වන විට රටේ සෑම අංශයක් ම, ඩිජිටල්කරණය ට ලක්කිරීම සඳහා අවශ්‍ය මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ විදේශ විනිමය උපයා ගැනීමට හැකියාව තිබෙනවා. 2021 වසරේ එම ක්ෂේත්‍රයේ ඩොලර් බිලියන 1.5 විදේශ විනිමය උපයා ගැනීම ට හැකි වුනා. ඩිජිටල්කරණය අතික්‍රමනය කළ බුද්ධිමත් අනාගත පරපුරක් ගොඩ නගා ගැනීම සඳහා ඉලක්ක ගත වැඩසටහන් පෙළක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා." යැයිද රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා වැඩිදුරටත් පැවැසීය.

    මෙම අවස්ථාවට කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය, කාන්තා හා ළමා කටයුතු, සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ ලේකම් යමුනා පෙරේරා මහත්මිය, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය මලික් රණසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya