මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගමින් ගමට සුවධරණී වෛද්‍ය සායන මාලාව පෑලියගොඩින් අරඹයි

    මාර්තු 17, 2023

    සමාජීය මෙන්ම ආර්ථික ගැටලු රැසකට මුහුණ පා සිටින ලාංකීය ජනතාවගේ නීරෝගී සුවය උදෙසා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ සංකල්පයකට අනුව ගමින් ගමට සුවධරණී නමින් දේශීය වෛද්‍ය හා බටහිර වෛද්‍ය පහසුකම්වලින් යුත් වෛද්‍ය සායන මාලාවක් දීපව්‍යාප්තව පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර එම වෛද්‍ය සායන මාලාවේ සමාරම්භක වෛද්‍ය සායනය මාර්තු මස 18 වන සෙනසුරාදා දින පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා පෑලියගොඩ ජයතිලකාරාම විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

    ගම්පහ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී නාගරික ජනතාවක් වෙසෙන පෑලියගොඩ ප්‍රදේශයේ ජනතාව වෙත මෙම වෛද්‍ය සායන මාලාව හා සම්බන්ධ වීමේ හැකියාව පවතින අතර එහිදී කාන්තාරෝග සායන, වකුගඩු රෝග සායන, අක්ෂි රෝග සායන, දන්ත සායන, බාහිර රෝගී අංශ ප්‍රතිකාර සේවාවන්, රුධිරගත සීනි සහ මේද පරික්ෂාවන් ඇතුලු රසායනාගාර සේවාවන්, ශරීර ස්කන්ධගත දේහ දර්ශක මැනීම, ECG පරීක්ෂාවන්, වෛද්‍ය උපදේශන සේවා සහ බෝවන සහ බෝ නොවන රෝග පිළිබද සෞඛ්‍ය වැඩසටහන් හා සම්බන්ධ වෙමින් බටහිර වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව පවතින අතර සර්වාංග රෝග සදහා පාරම්පරික, ආයුර්වේද හා හෝමියෝපති විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර ද මෙම වෛද්‍ය සායන මාලාව මගින් ලබා ගැනීමේ හැකියාවක් පවතියි.

     

    එමෙන්ම මෙම වෛද්‍ය සායනය හා සම්බන්ධවන්නන්ට විශේෂ වට්ටම් යටතේ ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නිෂ්පාදන මිලට ගැනීමේ හැකියාවක් පවතින අතර මරණයෙන් පසු ශරීරයේ ඉන්ද්‍රියන් හා පටක දන්දීම උදෙසා ලියාපදිංචිය ලබා ගැනීමේ හැකියාවද පවතියි.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya