අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජන්ම දිනය වෙනුවෙන් ජනමාධ්‍ය ඇමති කැලණි විහාර වැඳපුදා ගනී- දානමය පිංකමක් ගංගාරාමයේ දී

    මාර්තු 16, 2023

    අද දිනට (16) යෙදෙන සිය ජන්ම දිනය නිමිත්තෙන් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඓතිහාසික කැලණි රජමහා විහාරස්ථානයේදී උදෑසන ආගමික වතාවත් වල නිරත විය.

     

    ආගමික වතාවත්වලින් අනතුරුව අමාත්‍යවරයා, කැලණිය රජ මහා විහාරාධිපති, කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතිපූජනීය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත නායක හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමද සිදුවිය.
    දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
    එමෙන් ම ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය ​බන්දුල ගුණවර්ධන මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් පැවති දානමය පිංකම සහ ප්‍රජා මුළුතැන්ගෙයි දාන​ය කොළඹ ගංගාරාම විහාරස්ථානයේ දී පැවැත්විණ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya