අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා තැපැල් සේවයේ අදායම සහ ලාභය වැඩිකරගැනීමට ක්‍රියාකාරී සැලැස්මක්

    මාර්තු 16, 2023

    ශ්‍රී ලංකා තැපැල් සේවයේ අදායම සහ ලාභය වැඩිකරගැනීමට ක්‍රියාකාරී සැලැස්මක් තමන් සතුව ඇති බවත්, සමස්ත රටේම බෙදාහැරීමේ යාන්ත්‍රණය ශ්‍රී ලංකා තැපැල් සේවය වෙත ගැනීම සඳහා එමගින් සැලසුම් කර ඇති බවත්, ජනමාධ්‍ය හා තැපැල් රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

    තැපැල් දෙපාර්තමේන්තුවේ පිහිටි සිය කාර්යාලයේදී ඊයේ (15) පැවති වැඩවර්ජන සම්බන්ධයෙන් පැහැදිළි කිරීම සඳහා මාධ්‍ය හමුවක් කැඳවූ අවස්ථාවේ දී තැපැල් සේවයේ ඉදිරි දැක්ම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    තැපැල් සේවයේ යාවත්කාලීන කිරීම සම්බන්ධයෙන් තැපැල් ආඥා පනත යම් බාධාවක් තිබෙන නමුත් මේ වන විට එය නොසළකා නව මාවතක් සොයාගැනීමට තමන් ක්‍රියාකර ඇති බවත්, බාධා සහිතව වුවද මේ මොහොතේ එම මාවත ඔස්සේ ගමන් කිරීම අරඹා ඇති බවත්, ඉදිරියේදී තැපැල් ආඥා පනත වෙනස් කර එතුළින් මෙම මාර්ගය වඩාත් හොඳින් එළිපෙහෙලි කර ගැනීම සිදු කරන බවත්, අමාත්‍යවරයා පැවසීය.

    තැපැල් සේවය කළ යුතු යම් යම් සේවාවන් මේ වන විට පුද්ගලික සේවය සිදු කරන බවත්, තැපැල් දෙපාර්තමේන්තුවද ඉදිරියේදී එම සේවා සැපයීමට කටයුතු කරන බවත්, සමස්ත දිවයිනේම එම සේවා යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට අදහස් කරන බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya