අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිසිදු පාර්ශවයකට විශේෂ වාසියක් සිදුනොවන පරිදි සියළු දෙනාට සමාන වන ආකාරයට ගිවිසුම්ගත වීමට රජය සූදානම්

    මාර්තු 16, 2023

    ද්වි පාර්ශ්වික ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී එම සියළු පාර්ශවයන් සමඟ සමඟ සාධාරණ පොදු එකඟතාවයන් අනුව කටයුතු කිරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය  ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ණය හිමි පාර්ශ්ව වෙත මාර්තු 14දා නිකුත් කළ ලිපිය පිළිබඳ කරුණු පැහැදිළි කරමින් අමාත්‍යවරයා මේ පිළිබඳ ඊයේ (15) අදහස් දක්වමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, ලබන 20 වන දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය රැස්වූ පසු බලාපොරොත්තු වන ඉලක්කයන් කරා ගමන් කිරීමට එකඟතාවය ලබාගත හැකි වනු ඇති බවයි.

    ඉන්පසු ඇතිවක වැදගත්ම කාරණය ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කරගැනීම එහිදී ණය ගෙවීමේ කාලය දීර්ඝ කර ගැනීම, පොලිය අවශ්‍ය ආකාරයට සකස් කරගැනීම ආදිය මගින් ණය ආපසු ගෙවීමේ ක්‍රමවේදය සකස්කර ගැනීම ඉන්පසු ඇති වැදගත්ම අවස්ථාව බවද අමාත්‍යවරයා පැවසීය.

    එහිදී කිසිදු පාර්ශවයකට විශේෂ වාසියක් සිදුනොවන පරිදි සියළු දෙනාට සමාන වන ආකාරයට ගිවිසුම්ගත වීමට රජය සූදානම් බවද අමාත්‍යවරයා එහිදී පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya