අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිසුන්ට දැනට මතුවී ඇති ස්ව භාෂාවෙන් විභාග සදහා පෙනී සිටීමේ ගැටලුව විසඳීමට කඩිනමින් පියවර

    මාර්තු 16, 2023

    ස්ව භාෂාවෙන් (සිංහල/ දෙමළ) විභාග සදහා පෙනී සිටීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිසුන්ට දැනට මතුවී ඇති ගැටලුව විසඳීම සදහා කඩිනමින් පියවර ගන්නා බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

    ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව අමාත්‍යවරයා අටමස්ථානාධිපති අති පුජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ, රජරට විශ්ව විද්‍යාලයේ කුලපති රුවන්වැලී සෑ චෛත්‍යරාමාධිකාරී අති පුජ්‍ය ඊතලවැටුණුවැවේ ඤණතිලක ස්වාමීන් වහන්සේ ඇතුලු මහා සංඝ රත්නය බැහැදැක ආශිර්වාද ලබා ගත් අතර, ස්ව භාෂාවෙන් (සිංහල/ දෙමළ) විභාග සදහා පෙනී සිටීම සම්බන්ධයෙන් නීති විද්‍යාලයේ සිසුන්ට පවතින ගැටලු පිළිබදව එහිදී උන් වහන්සේලා අමාත්‍යවරයාගේ අවධානය යොමු කරන ලදී.

    ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ දියුණුව අභිවෘද්ධිය වෙනුවෙන් තමන් කටයුතු කරන බවත්, විශේෂයෙන් නිති විද්‍යාලයේ පැන නැගී ඇති ගැටලුව කඩිනමින් විසඳීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත්, එහිදී සදහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya