අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාකිස්ථානු නාවික හමුදා ප්‍රධානි ජනපති හමු වෙයි

    පෙබරවාරි 27, 2023

    නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි පාකිස්ථානු නාවික හමුදා ප්‍රධානි අද්මිරාල් මුහම්මඩ් අම්ජාඩ් ඛාන් නිආසි (Muhammad Amjad Khan Niazi) මහතා අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡාවක නිරත විය.

    ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර සමුද්‍රීය කලාපීය සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම සහ දෙරට අතර නාවික කටයුතු වඩාත් පුළුල්ව ඉදිරියට ගෙන යෑම පිළිබඳව මෙහිදි සාකච්ඡා කෙරිණි.

    මෙම හමුව සංකේතවත් කරමින් පාකිස්ථානු නාවික හමුදා ප්‍රධානි විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.
    පාකිස්ථානු මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදා ප්‍රධානින් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya