මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාකඳුර කෘෂිකර්ම පර්යේෂණායතනය නිෂ්පාදනය කරන කොම්පොස්ට් පොහොර සඳහා ඉහළ ඉල්ලුමක්

    පෙබරවාරි 09, 2023

    මාකඳුර කෘෂිකර්ම පර්යේෂණායතනය නිෂ්පාදනය කරන කොම්පොස්ට් පොහොර සඳහා ගොවි ජනතාවගෙන් ඉහළ ඉල්ලුමක් පවතින බව එම කෘෂිකර්ම පර්යේෂණායතනයේ කෘෂි විද්‍යාඥ ප්‍රියංගා දිසානායක මහත්මිය පවසයි.

    කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගියදා මාකඳුරේ කෘෂි පර්යේෂණායතනයට කටයුතු නිරීක්ෂණය සඳහා සහභාගි වූ අතර එහි දී පණු කොම්පොස්ට් පොහොර නිෂ්පාදනය කෙරෙන ඒකකයේ කටයුතු නිරීක්ෂණය කළේය.

     

    පරිසරයේ බහුලව වෙසෙන Eisenia Fitida නැමැති ගැඩවිල් විශේෂය යොදා ගනිමින් මෙම කොම්පොස්ට් පොහොර නිපදවනු ලබයි. සාමාන්‍ය කොම්පොස්ට් සකසන ක්‍රියාවලියට වඩා පණුකොම්පොස්ට් ක්‍රියාවලිය වේගවත් වන අතර පණුවන් තුළින් සිදුවන ජීර්ණ ක්‍රියාවලිය වේගවත් බැවින් නිෂ්පාදනය වැඩි වේ.

     

    මේ වනවිට මාසයකට මෙම පණු කොම්පොස්ට් මෙට්‍රික් ටොන් තුනක් පමණ මාකඳුර කෘෂි පර්යේෂණායතනය නිපදවනු ලබන අතර ඒවා ගොවීන්ට ද පර්යේෂණායතනයේ වගා කර ඇති බෝග සදහා ද යොදවනු ලබයි. මීට අමතරව පණු කොම්පොස්ට් නිපදවීමට කටයුතු කරන ගොවීන් සඳහා පණුවන් ලබා දීම ද සිදු කෙරේ.


    වසවිසෙන් තොර ආහාර බෝග නිෂ්පාදනයේ දී මෙම Vermicompost තාක්ෂණය ඉතාමත් වැදගත් වන බව සඳහන් කළ කෘෂි විද්‍යාඥ ප්‍රියංගා දිසානායක මහත්මිය පණු පොහොර සඳහා දැනට ගොවි ජනතාව තුළ ඉහළ උනන්දුවක් පවතින බව ද කීවාය.


    මෙම පොහොර යොදා ගනිමින් වගා කර ඇති අන්නාසි හා එළවළු පර්යේෂණ බෝග වගාවන් ද අමාත්‍යවරයා නිරීක්ෂණය කළේය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya