අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දියාවේදී හෝමියෝපති වෛද්‍ය උපාධිය හැදෑරීමට සිසු සිසුවියන් 10 දෙනෙකුට ශිෂ්‍යත්ව

    පෙබරවාරි 09, 2023

    ඉන්දියාවේදී හෝමියෝපති වෛද්‍ය උපාධිය හැදෑරීම උදෙසා ශ්‍රී ලාංකික සිසු සිසුවියන් දස දෙනෙකු සදහා ශිෂ්‍යත්ව සහ ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) දින එම අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.

    ඉන්දු - ලංකා මිත්‍රත්වය තහවුරු කරමින් ඉන්දීය රාජ්‍ය අනුග්‍රහයෙන් කල්කටා හී පිහිටි ජාතික හෝමියෝපති ආයතනය මගින් වසර 05 ½ ක පාඨමාලාව හැදෑරීමට අවස්ථාව සලසා දී ති‌බෙන අතර සිසු සිසුවියන් සදහා අධ්‍යනය පහසුකම් ඉන්දීය රජය මගින් නොමිලේ සපයා දී ඇත.

    ඔවුන් උදෙසා රුපියල් ලක්ෂ 06.5 ක වටිනාකමින් යුත් ගුවන් ටිකට්පත් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත නොමිලේ සපයා දී තිබේ. අ.පො.ස උසස් පෙළ විද්‍යා විෂය ධාරාවෙන් හදාරා සමත් වූවන්ගෙන් ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීමකින් අයදුම්පත් කැඳවීමෙන් අනතුරුව සම්මුඛ පරීක්ෂක මණ්ඩලයක් මගින් මෙම සිසු සිසුවියන් තෝරා පත් කර ගැනීමට කටයුතු කර ඇත.

    අතුරු ආබාධ වලින් තොර වෛද්‍ය ක්‍රමයක් ලෙස සැලකෙන මෙම හෝමියෝපති වෛද්‍ය ක්‍රමය හැදෑරීමෙන් අනතුරුව උපාධිය ලැබ මෙරට හෝමියෝපති වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා පිළිගත් හෝමියෝපති වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කිරීමේ හැකියාව උදා වනු ලබයි.

    මෙම අවස්ථාවට දේශීය වෛද්‍ය අංශයේ අතිරේක ලේකම් ගීතාමනි කරුණාරත්න, හෝමියෝපති වෛද්‍ය සභාවේ සභාපති අශාන් දුණුකාර, වැලිසර හෝමියෝපති රෝහලේ කාර්යභාර වෛද්‍ය නිලධාරී චාන්දනී හේරත් යන මහත්ම මහත්මීන් ඇතුළු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දෙමව්පියන් සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya