අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රීඩාවේ හා තාරුණ්‍යයේ සංවර්ධනය උදෙසා ඒකාබද්ධ ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කළ යුතුයි - ක්‍රීඩා අමාත්‍ය

    පෙබරවාරි 09, 2023

    ක්‍රීඩාවේ හා තාරුණ්‍යයේ සංවර්ධනය උදෙසා ඒකාබද්ධ ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කළ යුතු යැයි ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

    පල්ලෙකැලේ පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පසුගියදා (07) පැවති මධ්‍යම පළාත් සභාව සහ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ ඒකාබද්ධ ප්‍රවේශ වැඩසටහනේ දී අමත්‍යවරයා මෙසේ පැවසීය.

    තාරුණ්‍ය බලගැන්වීම උදෙසා පැවැත්වූ මෙම වැඩසටහනේදී තාක්ෂණය සමග බැඳි අධ්‍යාපනය, විදේශ වෙළෙඳපල ඉලක්ක කර ගත් රැකියා අවස්ථා, හා තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික හා ජාත්‍යන්තර තලයේ අවස්ථාවන් වැනි කරුණු රාශියක් පිළිබඳව සාකච්ඡා කර තිබේ.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, මධ්‍යම රජය සහ පළාත් සභා එකට එකතු වී එක කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමෙන් සැලසුම්ගත ජයග්‍රහණයන් ළඟාකර ගත හැකිය යන්නයි. තවද ක්‍රීඩා පනතේ රෙගුලාසි සංශෝධනය පිළිබදව ද අදහස් දැක්වූ අමත්‍යවරයා කියා සිටියේ, එම සියලු වෙනස් කිරීම් සිදු කළේ ක්‍රීඩකයාගේ සහ ක්‍රීඩාවේ අනාගත අභිවෘද්ධිය පිණිස සඳහා බවයි.

    වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීම මත ජාතික තරුණ සේවා සභාව, පළාත් සභාව, ජාතික යොවුන් සේනාංකය, කුඩා ව්‍යාපාර අංශය, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සහ අධ්‍යාපන අමාත්‍යාංශය යන ආයතනවල ඒකාබද්ධ දායකත්වයෙන් දීප ව්‍යාප්තව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙන අතර උතුර, උතුරුමැද හා වයඹ යන පළාත්වල මෙම වැඩපිළිවෙල මේ වන විට ආරම්භ කොට ඇත.

    මේ සදහා ක්‍රීඩා හා යෞවන කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක , ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම , මධ්‍යම පළාත් සභාවේ සභාපති එල්.ඩී. නිමලසිරි , හිටපු ආණ්ඩුකාර සරත් ඒකනායක , ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.පී. මහේෂන් , ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග , මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් , ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය , ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ යන මහත්ම මහත්මීහූ ඇතුළු  රේඛීය ආයතන නියෝජනය කරමින් නිලධාරිහු පිරික් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya