අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදය ඇරඹේ

    පෙබරවාරි 09, 2023

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය ආරම්භ කරමින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදය අද (09) පාර්ලිමේන්තුවේ දී ආරම්භ විය.

    සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා විසින් ඉදිරිපත් කළේ ය.

    විවාදය ආරම්භ කරමින් මන්ත්‍රීවරයා මෙසේ පැවසීය.
    මහජන මතවාදයට සංවේදී වෙමින් අවශ්‍ය අවස්ථාවල සිදු කළ යුතු වෙනස් කම් කරමින් ඉදිරියට යනවා. මේ මොහොතේ රට ගොඩ නැගීමට නම් පක්ෂ දේශපාලනය සඳහා අවම බැඳීම් සහිත පුද්ගලයෙකු රටට අවශ්‍ය වෙනවා. ඒ සඳහා නියම සුදුසුකම් ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි.

    ඊයේ ජනාධිපතිවරයා රාජාසන කතාව සිදු කරන අවස්ථාවේ පවා සභාවේ රැඳී සිටීමට තරම් හෝ විනයක් විපක්ෂය තුළ නොතිබූ බවත් රැස්ව සිටි විදෙස් තානාපතිවරුන්ට එය දුටුව බවද හෙතෙම පැවසීය. අපහසු අවසථාවල ගත් තීරණ ජනප්‍රිය වී නැහැ.ඇතැම් නිවැරදි තීන්දු තීරණ ජනප්‍රිය නොවුණත් එහි ප්‍රථිඵල ජනප්‍රිය වෙනවා.අවශ්‍ය අවස්ථා වලදී මහජනතාවට ඇහුම්කන් දීමට රජය මැළි වන්නේ නැහැ. ආසන්නම උදාහරණය තමයි උපයන විට බද්ද සම්බන්ධයෙන් සංවේදී වෙමින් ඒ සඳහා ප්‍රතිචාර දක්වන්න රජය ඉදිරිපත් වී තිබෙනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya