අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බදු අයවන ආකාරය සංශෝධනය කිරීමට තීරණයක්

    පෙබරවාරි 09, 2023

    මාසික ආදායම රුපියල් ලක්ෂය ඉක්මවා ලබා ගන්නා පුද්ගලයන්ගේ උපයන විට බදු අයවන ආකාරය සංශෝධනය කිරීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    පෙබරවාරි 09දා මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ සම්බන්ධ පැවසීය.

    මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව අමාත්‍යවරයා පැවසීය.

    ඒ අනුව,
    දැනට රුපියල් ලක්ෂ දෙකට අඩු ආදායම් ලබා ගන්න පුද්ගලයන්ගෙන් රුපියල් 20,000ක් හෝ මුළු වැටුපෙන් 12.5%ක් ලෙස සහ රුපියල් ලක්ෂ දෙකට වඩා ආදායම් ලබා ගන්න පුද්ගලයන්ගෙන් රුපියල් 40,000ක් හෝ වැටුපෙන් 12.5%ක් ලෙස සැලකූ ප්‍රතිලාභය මූලික වැටුපෙන් 12.5%ක් ලෙස සංශෝධනය කර තිබේ.

    ගෘහ භාණ්ඩ වෙනුවෙන් වූ රුපියල් 5,000 හෝ වැටුපෙන් 2.5%ක ප්‍රතිලාභය චක්‍රලේඛය මගින් ඉවත් කර ඇත. ඇන්ජින් ධාරිතාව ඝන සෙන්ටිමීටර් 1800ට අඩු සහ ඝන සෙන්ටිමීටර් 1800ට වැඩි ලෙස පිළිවෙළින් රුපියල් 50,000ක් සහ 75,000ක් ලෙස සැලකූ ප්‍රතිලාභය වාහනය සඳහා රුපියල් 20,000ක්, රියදුරු සඳහා රුපියල් 10,000ක් සහ ඉන්ධන සඳහා රුපියල් 20,000ක් වෙනස් කර ඇත.

    ඉන්ධන දීමනාව 100%ක් ලෙස බද්දට යටත් වූ අතර එය 25%ක් දක්වා අඩු කර තිබේ.

    මීට අමතරව ක්ෂේත්‍ර රාජකාරී සඳහා ලබා දී ඇති වාහන පෞද්ගලික භාවිතයේ දී සීමා රහිතව කිලෝ මීටරයකට රුපියල් 25ක් ලෙස සලකන ලද ප්‍රතිලාභය කිලෝමීටරයකට රුපියල් 25ක් හෝ රියදුරු සහිතව රුපියල් 20,000ක් සහ රියදුරු සහිතව රුපියල් 30,000ක් යන දෙකෙන් අඩුම ප්‍රමාණය ලෙස සංශෝධනය කර ඇත.

    100%ක් බද්දට යටත් වූ දුරකතන දීමනාවෙන් 25%ක් පමණක් ප්‍රතිලාභ ලෙස නව සංශෝධනව මගින් සලකනු ලබයි. සේවා යෝජකයන් විසින් සහන පොලී මත දී ඇති ණය සඳහා වන පොලී ප්‍රතිලාභය බදු සඳහා සලකා නොබලයි. අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ මෙම වෙනස් කිරීම් මගින් සැලකිය යුතු සහනයක් අදාළ පාර්ශ්ව වෙත හිමි වන බවයි.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya