මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නියමිත බදු ගෙවීමෙන් තොරව එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ යකඩ කපා ඉවත් කළ නොහැකියි- මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය

    පෙබරවාරි 08, 2023

    ශ්‍රී ලංකා මුහුදුසීමාවේ ගිනිබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ යකඩ කපා ඉවත් කිරීම එම නෞකාව අයත් සමාගම විසින් මෙරටට ගෙවිය යුතු නියමිත බදු ගෙවීමෙන් තොරව සිදුකිරීමට කිසිසේත් ඉඩ නොතබන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කරයි.

    ඒ සම්බන්ධයෙන් පෙබරවාරි 07 දින මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දක්වන අමාත්‍යවරයා සඳහන් කරන්නේ මෙරට මුහුදු සීමාව තුළ ඇති එම නෞකාව යකඩ කපා ඉවත් කරන්නේ නම් ඒ සඳහා ආනයන අපනයන බලපත්‍රයක්ද ලබාගත යුතු බවයි.

    යකඩ මෙට්‍රික් ටොන් 48,000ක් පමණ නෞකාවේ පවතින බවත්, එම නෞකාව කපා ඉවත් කරන්නේ නම් සැළකිය යුතු බදු ප්‍රමාණයක් මෙරටට ලැබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    එයට අමතරව රේගු ගාස්තු ගෙවිය යුතු බවත්, රේගු ආඥා පනත ප්‍රකාරව එම නෞකාවේ යකඩ ප්‍රමාණයේ වටිනාකමෙන් 10%ක් සෙස් බද්ද ලෙස මෙරටට අයවිය යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya