අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හිටපු එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් මහතා හා පරිසර අමාත්‍ය නසීර් අහමඩ් හමුවක්

    පෙබරවාරි 08, 2023

    හිටපු එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මුන් මහතා මෙරට සංචාරය කරන අතරතුර පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා අතර හමුවක් පරිසර අමාත්‍යාංශයේ දි ඊයේ (07) සිදු විය.

    හිටපු එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මුන් මහතා විසින් Green Climate Fund (GCF) මගින් සහයෝගය දක්වන ලද NAP Readiness ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමට Global Green Growth Institute (GGGI) ලබාදුන් සහාය ඇගයීමට ලක් කිරීමත්, Green Bond Framework ගොඩනැගීම සඳහා Global Green Growth Institute (GGGI) ලබාදෙන සහයෝගය අගය කිරීමත්,පස්වැනි NDA readiness ව්‍යාපෘති යෝජනාව සකස් කිරිමට කළ අපගේ ආරාධනය හා ඉල්ලීම් පිලිගැනීම වෙනුවෙන් ස්තූති කිරීම සිදු කරන ලදී.

    අමාත්‍ය නසීර් අහමඩ් මහතා විසින් අලුතින් සහයෝගය අපේක්ෂිත ක්ෂේත්‍ර පිළිබඳව හිටපු එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මුන් මහතා සමග සාකච්ඡා කරන ලදී. මෙහිදී සූර්‍ය හා ජෛව ස්කන්ධ බලශක්ති හා තිරසර ගමනාගමන ක්ෂේත්‍රයන්හි ව්‍යාපෘති සඳහා නව ආයෝජකයන් හඳුනාගැනීම සඳහා ශ්‍රී ලංකාවට උදව් කිරීම,එම ක්ෂේත්‍රයන්හි යෝජිත ව්‍යාපෘති සඳහා පූර්ව-ශක්‍යතා තක්සේරුවක් සිදුකිරීමට අදාල තාක්ෂණික සහාය ලබා ගැනීම,ව්‍යාපෘති යෝජනා හා සංකල්ප සඳහා අරමුදල් සැපයීමට, පිලිගත් නියෝජිතායතනය සොයාගැනීමට සහාය දැක්වීම,Debt-for-nature swaps ගනුදෙනු සඳහා මූලික කටයුතු හා සාකච්ඡා සඳහා සහාය දැක්වීම හා ලංකාව වනාන්තර පද්ධතිය 32%කින් වැඩ් දියුණු කිරිමට සහය ඵල කිරිම, යනාදී කරුණු මෙහිදි සාකච්ඡා කරන ලදී.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya