අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2023 වසර සඳහා අඛණ්ඩ විදුලි සැපයුමක් සඳහා පැහැදිලි සැලැස්මක් - බලශක්ති අමාත්‍ය

    ජනවාරි 30, 2023

    2023 වසර සඳහා අඛණ්ඩ විදුලි සැපයුමක් සඳහා පැහැදිලි සැලැස්මක් පසුගිය වසර අවසානයේ ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාවට සහ අදාළ බලධාරීන්ට ලබා දී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.

    ලංකා විදුලිබල මණ්ඩලය සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාව කාර්යක්ෂම කිරීමට සහ පිරිවැය කපා හැරීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ රජය විසින් කඩිනම් කරමින් සිටින බවත් එම ආයතන දෙකටම පිරිවැය පරාවර්තක මිලක් තිබීම අත්‍යවශ්‍ය බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව මිලකරණ යාන්ත්‍රණය ශ්‍රි ලංකා මහ බැංකුව සහ භාණ්ඩාගාරය මත යැපීමෙන් තොරව පසුගිය මාස කිහිපය තුළ සිය මෙහෙයුම් පවත්වාගෙන යාමට මූල්‍ය ස්ථාවර කර ඇති බවද බලශක්ති අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ වැඩි දුරටත් සඳහන් වෙයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya