අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධිකරණ පද්ධතියේ ධාරිතාවය ඉහළ නැංවීමට හා අවශ්‍ය විශේෂඥ සහාය

    ජනවාරි 30, 2023

    මෙරට අධිකරණ පද්ධතියේ ධාරිතාවය ඉහළ නැංවීමට හා අවශ්‍ය විශේෂඥ සහාය ලබාදීමට කටයුතු කරන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේමෙරට නව නිත්‍ය නියෝජිත Azusa Kubota මහත්මිය පවසයි.

    අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ එක්සත්ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නව නිත්‍ය නියෝජිතවරිය (Azusa Kubota ) අතර පසුගියදා පැවති හමුවේදී ඇය මේ බව පවසා ඇත.

    එහිදී අදහස් පළ කරමින් අධිකරණ අමාත්‍යවරයා වර්තමානය වනවිට ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් අපහසුතාවයට පත්ව සිටිය ද ඉදිරියේ දී ආර්ථිකය යථාතත්වයට පත් වනු ඇති බව පැවසීය.

    පසුගිය කාල සීමාව තුළ යල් පැන ගිය නීති පද්ධතිය යාවත් කාලීන කිරීම වෙනුවෙන් නව පනත් සම්මත කිරීමට කටයුතු කර ඇති බවත්, අධිකරණ පද්ධතියේසංවර්ධනය සදහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ලබා දී ඇති සහයෝගය අගය කරන බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටී.

    ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය තුල සිදු කරනු ලබන සංවර්ධන කටයුතුවලදී අවශ්‍ය කරනු ලබන ධාරිතාවය ඉහළ නැංවීමට හා නීති ප්‍රතිසංස්කරණ කටයුතුසදහා තම සහාය ශ්‍රී ලංකාවට ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහනේ මෙරට නිත්‍ය නියෝජිතවරිය එහිදී සදහන් කළාය.

    අධිකරණවල පවතින නඩු ප්‍රමාදය හා එම තත්වයන් අවම කර ගැනීම සදහා සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ පිළිබදව මෙහිදී අවධානය යොමු වු අතර ඒ සදහාද අවශ්‍ය සහාය ලබා ගැනීම කෙරෙහි සාකච්ඡාවේදී අවධානය යොමු විය.

    සුළු හිමිකම් අධිකරණ පිහිටුවීම ඇතුලු අධිකරණ පද්ධතියේ සංවර්ධන කටයුතු සදහා මේ වන විටත් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහන සහාය ලබාදෙනු ලබයි. අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය ද මෙම අවස්ථාවට එක් විය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya