අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එකම විසඳුම විදුලි බිල සංශෝධනයයි

    ජනවාරි 24, 2023

    විදුලි ගැටලුවට එකම විකල්පය වන්නේ විදුලි බිල සංශෝධනය කිරීම පමණක් බවත්, එසේ නොවුවහොත් පෙර පැවති පැය ගණනක විදුලි කප්පාදුව මෙන් විදුලි කප්පාදුවකට යාමට සිදුවන බවත්,කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. 

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද (ජනවාරි 24) පැවති කැබිනට් ප්‍රකාශ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේ විදුලි බිල වැඩිකිරීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු වශයෙනි.

    මෙම මාසය තුළ විදුලිය උත්පාදනයට රුපියල් බිලියන 38ක් ගල් අඟුරු වෙනුවෙන් ගෙවීමට සිදුවන බවත්, මාසික ආදායම බිලියන 35ක් පමණක් බවත්, ආදායමට වැඩි වියදමක් පවතින තත්වයක් යටතේ වියදම දැරීමට නොහැකි බවත්, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    විදුලිබල මණ්ඩලය මේ වන විට සූර්‍ය විදුලිය හා කුඩා ජල විදුලි බලාගාර මෙන්ම ඛණිජ තෙල් නීතිගත සංස්ථාවටත් ගෙවිය යුතු මුදල් නොගෙවන ආයතනයක් බවට පත්ව ඇති බවත්, එම තත්වයක් යටතේ වාණිජ බැංකු විසින් එම මණ්ඩලයට අවශ්‍ය ගෙවීම් සඳහා ණය ලබානොදෙන බවත්, අමාත්‍යවරයා පැවසීය.

    අපොස උසස් පෙළ විභාගය පවතින අවස්ථාවේදී හෝ විදුලිය අඛණ්ඩව සැපයීමට නොහැකිද යන්න මාධ්‍ය විසින් වැඩිදුරටත් අමාත්‍යවරයාගෙන් විමසූ විට එසේ විදුලිය කප්පාදුවකින් තොරව පවත්වාගෙන යාමට රුපියල් බිලියන 05ක් අවශ්‍ය බව විදුලිබල අමාත්‍යවරයා පැවසූ බවත්, මෙවැනි විශාල වියදමක් දැරිය නොහැකි බැවින් උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ පස්වරු 04 වන තෙක් විදුලිය කප්පාදුවක් නොවන බවත්, සවස්වරුව සහ රාත්‍රිය වශයෙන් පැය දෙකක් පමණක් විදුලිය කප්පාදු කිරීමේ වැඩපිළිවෙලක් සකස් කළ බවත්, අමාත්‍යවරයා පැවසීය.

    මීට වඩා කළ හැකි දෙයක් නොමැති බවත්, එසේ යම් දෙයක් කළ හැකිනම් රජය එය පැහැර නොහරින බවත්, අමාත්‍යවරයා පැවසීය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya