අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් පෙළපොත් නිසි කලට සිසු අතට

    ජනවාරි 24, 2023

    2023 වර්ෂයේ නව පාසල් වාරය සඳහා ‍පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නොමිලේ පෙළපොත් ලබාදීමට අදාළ ප්‍රසම්පාදන කටයුතු සිදු කර එම පෙළපොත්වලින් 45%ක් මුද්‍රණය සඳහා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට ද, 55%ක් පෞද්ගලික මුද්‍රණ ආයතනවලට ද ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

    ඒ අනුව සුදුසුකම් ලැබූ පෞද්ගලික මුද්‍රණ ආයතන 22කට මේ වනවිට මුද්‍රණ ඇණවුම් බාර දී ගිවිසුම් අත්සන් කර ඇත.

    ඉන්දීය ණය ආධාර මත ලැබුණු පළමු කඩදාසි තොගය ද රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට ලැබී ඇති අතර පෙළපොත් මුද්‍රණ කටයුතු සිදු කෙරේ.

    අධ්‍යාපන අමාත්‍යවරයා මැදිහත්වී ගිවිසුම්ගත මුදලින් 20%ක අත්තිකාරම් මුදල පෞද්ගලික මුද්‍රණ ආයතනවලට ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගෙන ඇත. මෙම අත්තිකාරම් මුදලින් 50%ක පමණ ප්‍රමාණයක් 2022 වර්ෂයේ ප්‍රතිපාදන මඟින් ඉල්ලුම් කරන ලද මුද්‍රණාල වෙත ලබාදීමට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. ඒ අනුව මුද්‍රණය අවසන් කළ පෙළපොත් පෞද්ගලික මුද්‍රණාල කිහිපයකින් ම මේ වනවිටත් අධ්‍යාපන අමාත්‍යාංශයට ලැබී ඇති අතර මුද්‍රණය කරන ලද තවත් පෙළපොත් තවදුරටත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ගබඩාවට ලැබෙමින් පවතී.

    ඉතිරි අත්තිකාරම් සඳහා අක් මුදල් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා තිබූ අතර අධ්‍යාපන අමාත්‍යතුමා මැදිහත් වී කළ සාකච්ඡාවෙන් අනතුරුව ඉන් කොටසක් ලබාදීමට මහා භාණ්ඩාරගාරය එකඟතාව පළ කර ඇත.

    ඒ අනුව ඉදිරි සතිය තුළ දී දැනට බිල්පත් ඉදිරිපත් කර ඇති මුද්‍රණාලවල බිල්පත් සඳහාත්, අත්තිකාරම් මුදල්වලින් මුද්‍රණාල සඳහා ගෙවීමට ඉතිරි වී ඇති කොටස සඳහාත් මුදල් ලබාදීමට කටයුතු කරනු ඇත. පාසල් සිසුන්ට නිසිකලට පෙළපොත් ලබාදීම ප්‍රමුඛ කාර්යක් සේ සලකා කටයුතු කිරිමට අදාළ සියලු පියවර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරනු ලැබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya