අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තර්ජන ගර්ජන සහ බිය සැ‌කෙන් තොරව ජීවත් වීමේ අයිතියක් පුරවැසියාට තිබිය යුතුයි - කැබිනට් ප්‍රකාශක

    ජනවාරි 24, 2023

    ජාති ආගම් කුල මළ වර්ණ සහ ලිංග භේද වලින් තොරව තර්ජනයෙන් ගර්ජනයෙන් සහ බියෙන් සැකෙන් තොරව තමන් කැමති තැනක ජීවත් වීමටත් ජීවනෝපාය සකසා ගැනීමටත් පුරවැසියන්ට අයිතියක් තිබිය යුතු බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    ඔහු මේ බව පැවසුවේ, අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතාට තර්ජන එල්ල වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු යොමු කළ පැනයකට පිළිතුරු ලබාදෙමිනි.

    එම අයිතිය රටකට නොලැබේ නම් එයට අවහිර කරන අයට තරාතිරම නොබලා දඬුවම් කිරීමේ කාර්යය කළ යුතු බවද සමාජයක් සත්සමාජයක් බවට පත්වීමට නම් එය අනිවාර්ය යැයිද විජයදාස රාජපක්ෂ මහතා වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ දිනයක් ප්‍රකාශ කළේ ද මෙම අරමුණෙන් බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya