අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රදැල්ල බස් අනතුර- ජනපති උපදෙසින් කඩිනමින් වන්දි - මින් පසු අනතුරු සිදු නොවීමට ගතයුතු ක්‍රියාමාර්ග සොයාබැලීමට විද්වත් කමිටුවක්

    ජනවාරි 24, 2023

    පසුගිය ජනවාරි 20 වැනි දා නානුඔය, රදැල්ල ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුර හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ පිරිස් වෙනුවෙන් කඩිනමින් වන්දි ගෙවීමට සහ ගෙවිය හැකි උපරිම වන්දි ප්‍රමාණය ගෙවීමට ජනාධිපතිතුමා උපදෙස් දුන් බවත්, මින් පසුවට එවැනි අනතුරු සිදු නොවීමට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සොයාබැලීමට විද්වත් කමිටුවක් පත් කළ බවත්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද (ජනවාරි 24) පැවති කැබිනට් ප්‍රකාශ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේ නානුඔය, රදැල්ල ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුර හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ පිරිස් වෙනුවෙන් රජය ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු වශයෙනි.

    වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ මෙම අනතුර සම්බන්ධයෙන් තර්ස්ටන් විද්‍යාලයයේ ආදි ශිෂ්‍යයන් ඇතුලු පිරිස් සමඟද අමාත්‍යවරයා සාකච්ඡා කළ බවත්, ඔවුන්ද මෙම අනතුරින් අසරණ තත්වයට පත්වූවන්ට උපකාර කිරීමට කටයුතු කරන බව පවසා ඇති බවත්ය.

    ගමනාගමන කොමිසම විසින් මගින් ප්‍රවාහනය සඳහා බලපත්‍ර ලබාදෙන හෙයින් පාසල් සිසුන්හා අනෙකුත් දරුවන් රැගෙන සංචාරයෙහි යෙදෙන විට කුමන රීති මාලාවක් අනුගමනය කළයුතුද යන්න සොයා බැලීමටත්, ඔවුන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමට කළයුත්තේ කුමක්ද යන්න අදාළ විද්වත් කමිටුව මගින් සාකච්ඡා කෙරෙනු ඇති බවත්, අමාත්‍යවරයා පැවසීය.

    මෙම කමිටුව නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ ප්‍රධානත්වයෙන් පත් කෙරෙන බවත්, එයට මොරටුව විශ්ව විද්‍යාලයය, අධ්‍යාපන අමාත්‍යංශය හා ජාතික ගමනාගමන කොමිෂම යන ආයතනවල සාමාජිකයන්ගෙන් සමන්විත බවත්, අමාත්‍යවරයා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya