මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2023 දී මහවැලියට ඉඩම් හිමිකම් පත්‍ර 69,812 ක්

    ජනවාරි 24, 2023

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත 2023 වර්ෂයේ සමස්ත මහවැලි කලාපයේ ඉඩම් හිමිකම් පත්‍ර 69, 812 ක් ලබා දීමට කටයුතු සැලසුම් කර තිබෙන බව වාරිමාර්ග අමාත්‍යාංශය පවසයි.

    මහවැලි කලාපයට අයත් කලාප 10 තුළ පවතින ඉඩම් හා සම්බන්ධ ගැටළු සමතයකට පත් කරමින් 2023 වර්ෂයේ ඉඩම් හිමිකම් පත්‍ර 69,812 ක් ලබාදීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

    මෙහිදී විශේෂයෙන් ජනාධිපති උපදෙස් මත අවිධිමත් අන්සතු කිරිමේ ඉඩම් විධිමත් කිරීම, තේරිම් සොයාගත නොහැකි ඉඩම්වල ගැටළු විසදීම, මායිම් ආරවුල් විසදීම, ඉඩම් කච්චේරි පැවැත්වීම මගින් සහ හිමිකම් පත්‍ර අවලංගු කිරිම ආදිය මගින් ගැටළු නිරාකරණය කර එම ඉඩම් හිමිකම් බලපත්‍ර ලබාදීම සිදු කෙරේ.

    මේ වන විට මහවැලි බල ප්‍රදේශ වල බැහැර කර ඇති මුළු ඉඩම් කට්ටි සංඛ්‍යාව 311, 287 කි. එයින් 222,221 කට ඉඩම් හිමිකම් බලපත්‍ර ලබාදී ඇත. මෙතෙක් හිමිකම් බලපත්‍ර නිකුත් කර නොමැති ඉඩම් ගණන 89,066 කි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya