අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විධායක නොවන රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප නියමිත දිනයට - විධායක නිලධාරීන්ගේ වැටුප උපරිම දිනක ප්‍රමාදයක්

    ජනවාරි 23, 2023

    රාජ්‍ය සේවක වැටුප් සඳහා වැය වන රුපියල් බිලියන 93ක මුදලින් රුපියල් බිලියන 87ක් දැනටමත් වැටුප් ගෙවීම සඳහා වෙන් කර ඇතිබවත්, විධායක නොවන රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප නියමිත දිනයට හා විධායක නිලධාරීන්ගේ වැටුප උපරිම දිනක ප්‍රමාදයක් සහිතව ගෙවීමට සූදානම් බවත්, මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, රාජ්‍ය නිලධාරින්ගේ වැටුප් ගෙවීම සම්බන්ධයෙන් අද (ජනවාරි 23දා) මාධ්‍ය වෙත කළ අදහස් දැක්වීමකදීය.

    අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින්, රාජ්‍ය සේවක වැටුප් ජනවාරි 25 වැනි දා නියමිත පරිදි ගෙවීමට හැකි බවත්, විධායක නිලධාරීන්ගේ වැටුප ද එදිනම හෝ දිනක ප්‍රමාදයක් සහිතව ලබා දීමට කටයුතු කරන බවත්,පවසයි.

    ජනවාරි මාසයේ රජයේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 145ක් වන බවත් රේගුව සහ සුරා බදු දෙපාර්තමේන්තුව දැනටමත් සිය මාසික ඉලක්ක ගත ආදායම රුපියල් බිලියන 10කින් පමණ අඩු වනු ඇතැයි පවසා ඇති බවත්, අමාත්‍යවරයා පැවසීය.

    ජනවාරි මස රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 625ක් ලෙස ගණන් බලා ඇති බවත්, නියමිත ආදායම හිමි වුවද රුපියල් බිලියන 480ක පමණ හිඟයක් ඇති වියහැකි බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

    එදිනෙදා වියදම වෙනුවෙන් මේ තත්වයේ දී මුදල් මුද්‍රණය නොකරන බවද අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya