අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලුණුගම්වෙහෙර කුඹුරු අක්කර 14000 ක වී වගාව අත්හැර දමන ලෙස උපදෙස් දී නෑ- බතලගොඩ වී පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ

    ජනවාරි 23, 2023

    තිස්ස , ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ කුඹුරු අක්කර 14000 ක වී වගාව අත්හැර දමන ලෙස බතලගොඩ වී පර්යේෂණායතනයේ නිලධාරීන් කණ්ඩායමක් උපදෙස් ලබා දී නොමැති බවත් ලුනුගම්වෙහෙර වී වගාවන් සම්බන්ධයෙන් පර්යේෂණ කිරීම සඳහා මෙතෙක් කිසිදු නිලධාරියෙක් හෝ කණ්ඩායමක් තමන් යොමු නොකළ බවත් බතලගොඩ වී පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත සේනානායක මහතා පවසයි.

    එමෙන්ම කවර රෝග තත්ත්වයක් වාර්තා වුවත් එය පාලනයට පියවර ගැනීම මිස කිසිදු විටෙක වගාව අත්හැරීමට තම ආයතනය උපදෙස් නොදෙන බවත් හෙතෙම අවධාරණය කළේය.

    දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වී වගාව ආශ්‍රිතව යම් යම් රෝග තත්ත්වයන් වාර්තා වන විට ඒ සදහා නිලධාරි කණ්ඩායම් යවා පර්යේෂණ සිදු කරන්නේ තම උපදෙස් මත බවත්, එහෙත් තිස්ස, ලුණුගම්වෙහෙර ආශ්‍රිතව කිසිදු ස්ථානයකට තමන් ගේ අනුදැනුම මත මෙතෙක් නිලධාරින් කණ්ඩායමක් යවා නැති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    තිස්ස , ලුණුගම්වෙහෙර කුඹුරු අක්කර 11,000ක් නෙමටෝඩා නිසා විනාශව ඇති බවත්, තවත් අක්කර 14,000ක වී වගාව අත්හැර දමන ලෙස බතලගොඩ වී පර්යේෂණායතනයේ නිලධාරින් කණ්ඩායමක් උපදෙස් දුන් බවට අද (23) පුවත්පතක පළ වූ ප්‍රවෘත්තිය සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යංශය බතලගොඩ වී පර්යේෂණායතනයෙන් කරුණු විමසීමක් සිදු කර තිබේ.

    මෙම තිස්ස, ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ හානි වී ඇති බවට පුවත්පත වාර්තා කර තිබෙන කුඹුරු පරීක්ෂාව සදහා අද (23) අම්බලන්තොට වී අභිජනන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා හර්ෂනී උමා සිරිවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් විශේෂ කණ්ඩායමක් පිටත් කරන බවත්, එම නිලධාරින් සිදු කරන විමර්ශනවලින් අනතුරුව වාර්තාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබා දීමට පියවර ගන්නා බවත් ආචාර්ය සේනානායක මහතා පැවසීය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya