අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීන රජයෙන් වී ගොවීන්ට ලබාදුන් ඉන්ධන බෙදා හැරීම අඛණ්ඩව

    ජනවාරි 23, 2023

    චීන රජය මෙරට වී ගොවීන් සඳහා ලබා දුන් ඩීසල් ලීටර් මිලියන 6.8 ක තොගය ගොවි ජනතාවට බෙදා හැරීම මේ වනවිට ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සිදු කෙරේ.

    ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව මෙම බීසල් තොගය බවුසර් මගින් දිවයින පුරා බෙදා හැරේ.

    අක්කර භාගයේ සිට අක්කර දෙකහමාරක් දක්වා වී වගාවේ නිරත සෑම ගොවියෙකුටම වගා කරන ප්‍රමාණය අනුව ඉන්ධන ප්‍රමාණයක් නොමිලයේ ලබා දීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව අක්කර දෙකහමාරක් හෙවත් හෙක්ටෙයාර් 01ක් වගා කරන ගොවියෙකුට හිමි වන ඉන්ධන ප්‍රමාණය ලීටර් 15කි.

    මීට අවශ්‍ය මුදල් කෘෂිකර්ම අමාත්‍යාංශය ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ලබා දීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතාට උපදෙස් ලබා දී ඇත. ඒ අනුව මෙම වසරට ලැබීමට නියමිත මුදල් ප්‍රතිපාදන යොදා ගනිමින් අදාල මුදල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවීමට කටයුතු යොදා ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුනදාස සමරසිංහ මහතා සදහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya