මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා නිවැරැදි තොරතුරු පමණක් ලබා දෙන්න සාවද්‍ය තොරතුරු ලබා දීම වරදක්- රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

    දෙසැම්බර් 01, 2022

    සුබ සාධන ප්‍රතිලාභ ලබා දීමේ කඩිනම් වැඩසටහන සඳහා ලියාපදිංචි වීමේ දී 100% නිවැරදි තොරතුරු ලබා දීම ප්‍රතිලාභ අපේක්ෂා කරන්නන්ගේ වගකීමක් බව මුදල් රාජ්‍ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා අවධාරණය කරයි.

    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, හිතාමතා සාවද්‍ය තොරතුරු ලබා දීම නීතිමය පියවර ගත හැකි වරදක් බවයි. ප්‍රතිලාභ ලබා ගැනීමේ අරමුණෙන් මේ වන විට පවුල් ලක්ෂ 37ක් තොරතුරු ලබා දීම සිදු කර ඇති අතර ඒවා ජාලගත කිරීමේ කටයුතු සිදු වෙමින් පවතී.

    මෙම තොරතුරු තහවුරු කර ගැනීමේ කටයුතු ඉදිරියේ දී සිදු කිරීමට අපේක්ෂිත අතර ඒ වෙනුවෙන් නිලධාරීන් පුහුණු කිරීම සිදු කෙරේ.

    2023 වසරේ දී මෙම සුබ සාධන වැඩපිළිවෙළ සඳහා රුපියල් බිලියන 187ක් වෙන් කර තිබේ. මෙම වෙන් කර ඇති මුදල දැනටමත් ගෙවනු ලබන සුබසාධන ගෙවීම් වලට අමතරව බව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya