අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපාන ආයෝජකයින් පිරිසක් ධිවර ඇමති හමුවෙයි

    දෙසැම්බර් 01, 2022

    ප්‍රමුඛ පෙළේ ආයෝජකයින් පිරිසක් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා හමු වී ශ්‍රී ලංකාවේ මුහුදු කූඩැල්ලන් හා ඉස්සන් වගාව සංවර්ධනයට හා ටින් මාලු කර්මාන්තය සංවර්ධනය කිරීමට අවශ්‍ය
    සහයෝගය දැක්වීමට කැමැත්ත පළකර ඇත.

    පසුගිය 28 දින ධීවර අමාත්‍යංයේදි එම හමුවීම සිදුවූ බවත් මෙම එකඟතාව ඇතිවූ බවත්, මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කරයි.

    තවද, එය ආයෝජනය කරන ආකාරය සම්බන්ධයෙන් ව්‍යාපෘති වාර්තා කිහිපයක් ද ඉදිරිපත් කළ ඔවුන් ඒ පිළිබදව කඩිනමින් ක්‍රියා කිරීමට බලා පොරොත්තුවන බවද ප්‍රකාශ කර ඇත.

    ශ්‍රී ලංකාව ආයෝජකයන්ට සිය ආයෝජන සඳහා ඉතා යහපත් ස්ථානයක් බවත්, ඒ සඳහා අවශ්‍ය වාතාවරණය මේ වන විට නිර්මාණය වී ඇති බවත් වැනි රටක ආයෝජකයින් පැමිණිම සම්බන්ධයෙන් තමන් ඉතාමත් අගය කරන බවත් අමාත්‍යවරයා එම අවස්ථාවේ අදහස් දක්වා ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya