අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෘෂිකර්ම කටයුතු සඳහා භුමිතෙල් නිකුත් කිරීම විධිමත් කෙරේ

    නොවැම්බර් 28, 2022

    පළාත් ප්‍රධාන ලේකම්, දිසාපතිවරුන් හරහා කිසිවෙකුත් අත නොහැරෙන ඒකාබද්ධ වැඩසටහනක්


    ධීවරයන්ගේ භුමිතෙල් ගැටලුව විසඳනු ලැබූ යාන්ත්‍රණයම භාවිතා කර ඉදිරි දින 03 තුළ ලංකාවේ සියළුම කෘෂිකාර්මික ප්‍රදේශ වෙත භුමිතෙල් නිකුත් කිරීම හෙට (29) සිට ආරම්භ කරන බව ජනාධිපති අධ්‍යක්ෂ ජෙනරාල් (ප්‍රජා කටයුතු) කීර්ති තෙන්නකොන් මහතා පැවසීය.


    2022 නොවැම්බර් 1 වනදා සිට 19 වනදා දක්වා දිනකට භුමිතෙල් බවුසර් 29 බැගින් බෙදාහැර තිබූ අතර, නව වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමෙන් පසුව නොවැම්බර් 23 සිට නොවැම්බර් 27 දක්වා බවුසර් 229ක් (දෛනික සාමාන්‍ය 45.8) ධීවරයින් හා ගොවීන් වෙත නිකුත් කර ඇත. එය 17% ක වැඩිවීමක් බව තෙන්නකෝන් මහතා පෙන්වා දුන්නේය.


    වී, තේ, පොල්, කුරුඳු, අර්තාපල්, එළවළු, පළතුරු, ධාන්‍ය, මල් සහ විසිතුරු පැල, සත්ව ආහාර හා තෘණ වගාකරුවන්ගේ ද අවශ්‍යතාවන් කෙරෙහි ද අවධානය යොමු කරමින් කෘෂි අවශ්‍යතාවන් සඳහා භුමිතෙල්, ඩීසල් සහ පෙට්‍රල් බෙදාහැරීම සඳහා පූර්ණ ක්‍රමවේදයක් පළාත් හා දිස්ත්‍රික්ක මට්ටමින් සකස් කරන ලෙස ද ජනාධිපති ප්‍රජා කටයුතු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අදාළ නිලධාරීන් වෙත පසුගිය සතියේ උපදෙස් දී ඇත.


    ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ කේෂ්ත්‍ර නිලධාරීන් මගින් තහවුරු කළ අවශ්‍යතාවයන් පිළිබඳ සැලකිලිමත් වන ලෙස ද, ගොවීන්, කෘෂි ව්‍යාපාර, සුළු හා මධ්‍ය පරිමාණ වගාකරුවන්, ගොවිතැනට සම්බන්ධ සියළු සැපයුම් ජාලා වෙත අරපිරිමැස්මෙන් නමුත් කිසිවෙකු අත් නොහැරෙන ලෙස ඉන්ධන සැපයීම රජයේ ප්‍රතිපත්තිය බව ද තෙන්නකෝන් මහතා පවසයි.


    පළාත් කෘෂිකර්ම, සමූපකාර අමාත්‍යාංශ, සත්ව නිෂ්පාදන, ඛනිජ තෙල් සංස්ථාවේ බෙදාහැරීමේ කළමනාකරුවන් හා එක්ව ඩීසල්/පෙට්‍රල්/භුමිතෙල් අවශ්‍යතාව අනුමත සීමාවන් තුල සැපයීම කෘෂිකර්ම, වැවිලි අමාත්‍යාංශ, ගොවිජන සේවා සහ අනෙකුත් දෙපාර්තමේන්තු ඒකාබද්ධ සැලසුම් නොවැම්බර් 28 දින වන විට සකස් කර අවසන් කෙරෙනු ඇත.


    විශේෂයෙන්ම වගා කන්නයේ එක් එක් අදියරේ දී, එක් එක් කලාප වෙත ඉන්ධන (ඩීසල්/පෙට්‍රල්/භුමිතෙල්) අවශ්‍යතාවය වෙන් වෙන්ව කාල වකවානු සහිතව සැලසුම් කිරීම සිදුවන්නේ ප්‍රථම වතාවටය. පසුගිය වසර 5 තුල එක් එක් ඉන්ධන පිරවුම්හලේ අලෙවි දත්ත මත පදනම්ව අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය පිළිබඳ විධිමත් අධ්‍යයනයක් ද මේ වන විට ජාතික මට්ටමෙන් සිදු කෙරේ.


    ඉන්ධන අන්තර් පළාත්/දිස්ත්‍රික්ක හුවමාරු භාණ්ඩයක් ද බව සලකා, කෘෂිකර්ම, අපනයන, වැවිලි භෝග, මල් හා විසිතුරු වගා ඇතුළු වෙනත් සෑම කෘෂි කේෂ්ත්‍රයක්ම ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාවට නැංවේ. වගා අස්වනු නෙලීමේ යන්ත්‍ර සඳහා ඉන්ධන ලබාදීමේ දී සහ භුමිතෙල් භාවිතයෙන් ක්‍රියාත්මක වන වතුර පොම්ප සඳහා ඉන්ධන සැපයීමේ දී පසුගිය කන්නයේ අති වූ ගැටළු වළක්වා ගැනීමට නව වැඩසටහනේ අරමුණ වී තිබේ.


    ප්‍රමාණවත් ඉන්ධන තොග තිබිය දී ධීවරයින්ට භුමිතෙල් හිඟයක් ඇති වූයේ ක්ෂේත්‍ර සමීක්ෂණයකින් තොරව අවශ්‍යතාවයන් පිළිබඳ සාවද්‍ය වාර්තා සැපයීම නිසා බවත්, ඒ අනුව කෘෂිකර්ම ක්ෂේත්‍රයේ එවැන්නක් ඇති නොවීමට පියවර ගැනීමට කටයුතු කරන බවත් තෙන්නකෝන් මහතා සඳහන් කළේය.


    කෘෂි වගාවන්ට භුමිතෙල් සැපයීමේ දී ඩොලර් ලක්ෂ 30 කට ආසන්න පිරිවැයක් රජයට දැරීමට සිදුවන බැවින් එහි උපරිම එලදායීත්වය තහවුරු කිරීමේ ජාතික වගකීම පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා දිසාපතිවරුන්ට පැවරේ.


    කෘෂිකර්ම කටයුතු සඳහා අවශ්‍ය භුමිතෙල් මිලදී ගැනීම සඳහා සමූපකාර ඉන්ධන පිරවුම්හල් වෙත අවශ්‍ය ණය පහසුකම් ලබාදීමට ග්‍රාමීය බැංකු සමඟ එක්ව වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ද පළාත් සභා සමූපකාර කොමසාරිස්වරුන් වෙත ජනාධිපති කාර්යාලය විසින් උපදෙස් ලබා දී ඇත.

    ජනාධිපති මාධ්‍ය අංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya