මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශියෙහි ජීවත් වන ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් කාර්යාලයක් - විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය

    නොවැම්බර් 28, 2022

    ජනාධිපති කාර්යාලය සමඟ එක්ව ඉදිරියේ දී විදේශියෙහි ජීවත් වන ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් කාර්යාලයක් පිහිටුවීමට බලාපොරොත්තු වන බව විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා අද(28)පාර්ලිමේන්තුවේදි පැවසීය.

    2023 අයවැය කාරකසභා අවස්ථාවේ පස්වන දිනය වන අද විදේශ කටයුතු අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳව විවාදයට එක්වෙමින් විදෙස් කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මෙම Oversease Sri Lankan Office පිහිටුවීම සම්බන්ධයෙන් විදේශයන්හි ජීවත් වන ඩයස්පෝරා සමග සාකච්ඡා කර ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය. ලාංකික සම්භවයක් ඇති විශාල සංඛ්‍යාවක් එම රටවල ජීවත් වන බවත් කැනඩා සහ එංගලන්තයේ සිටින ඩයස්පෝරා සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කළ බවද රාජ්‍ය අමාතයවරයා කීය. ලක්ෂ 50ක් පමණ ලාංකිකයන් විදෙස් රට වල ජීවත් වෙන අතර ලංකාව ඔවුන්ගෙන් හරි ප්‍රයෝජනයක් ගන්නවදැයි සිතා බැලිය යුතු බව ද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

    මෙරට විදේශ ප්‍රතිපත්තිය වූ නොබෙදී ප්‍රතිපත්තිය සහ මධ්‍යස්ථ ප්‍රතිපත්තියෙන් ඉවත් නොවී රටවල් සමග ආර්ථික සබඳතා දියුණු කර ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයිද කීය.

    මෙම වසරේ 280,000ක් පමණ පිරිස විදෙස් රැකියා සඳහා යැවීමට හැකි වූ බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. තව දුරටත් එම සංඛ්‍යාව වැඩි කර ගැනීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කර ඇතැයිද කීය. විසිට් වීසා මත ගොස් ඔිමානයේ රැඳී සිටි 300ක් පමණ පිරිස මෙරටට ගෙන්වා ගැනිමට හැකි වූ බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. එම එක් පුද්ගලයෙක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 17ක් පමණ දැරීමට සිදුව ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

    පසුගිය වසර පුරාම විදෙස් රටවල් සමඟ ද්වී පාර්ශවික සහ බහු පාර්ශවික සම්බන්ධතා දියුණු කර ගැනීමට හැකි වූ බවත් මෙම වසරේදි පමණක් , රටවල් ගණනාවක විදේශ අමාත්‍යවරු මෙරටට පැමිණ ඇතැයිද කීය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya