මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රිය අනතුරු පාලනයට රියදුරු බලපත්‍රයට ලකුණු ලබාදීමේ ක්‍රමය එළඹෙන ජනවාරි මාසයේ සිට- ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය

    නොවැම්බර් 28, 2022

    රිය අනතුරු පාලනය සඳහා රියදුරු බලපත්‍රයට ලකුණු ලබාදීමේ ක්‍රමය එළඹෙන ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසිය.

    2023 අයවැය කාරකසභා අවස්ථාවේ පස්වන දිනය වන අද (28) ප්‍රවාහන අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳව විවාදයට එක්වෙමින් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ත්‍යාග අරමුදලට ගන්නා දඩ මුදල රථවාහන පොලිස් නිලධාරින් සහ රථ වාහන අනතුරු වැලැක්වීම සඳහා යෙදවීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කරන බවයි. රථ වාහන පොලීසිය මහජනතාවගෙන් අයකරගන්නා දඩ මුදල මෙලෙස ත්‍යාග අරමුදල සඳහා යොදවයි.

    තමා ප්‍රවාහන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ 2001-2002 වර්ෂවලදී , හඳුන්වා දුන් ජාතික ප්‍රවාහන ප්‍රතිපතතියෙන් අද වන විට ක්‍රියාත්මක වී ඇත්තේ 16 % ක් බවත් 84%ක්ම ක්‍රියාත්මක වී නැතැයි ද කීය. ජාතික ප්‍රවාහන පද්ධතියේ ප්‍රතිපත්ති නැවත ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතු බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    වසරකට ජීවිත 3000ක් විතර රිය අනතරු නිසා අහිමි වෙනවා.අපේ රටේ  රිය අනතුරු පාලනය සම්බන්ධයෙන් ක්‍රියා කිරීම ගැන පොලීසියට ස්තුතිවන්ත විය යුතුයැයි ද හෙතෙම සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya