අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරිසර හිතකාමී පොදු ප්‍රවාහන ප්‍රතිපත්තියක් වෙනුවෙන් රජය ක්‍රියා කරනවා- ප්‍රවාහන අමාත්‍ය

    නොවැම්බර් 28, 2022

    පරිසර හිතකාමී පොදු ප්‍රවාහන ප්‍රතිපත්තියක් වෙනුවෙන් රජය ක්‍රියා කරන බව ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (28) පාර්ලිමේන්තුවේ දී පැවසිය.

    ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදයට අඳහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව් පැවසීය

    ඒ අනුව පරිසර හිතකාමී විදුලි දුම්රිය ඇතුළු විදුලි වාහන වැඩි වශයෙන් ප්‍රවාහන පද්ධතියට එක්කර ගැනීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා  සඳහන් කළේය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ ප්‍රවාහන අමාත්‍යවරයා පැවසුවේ, ප්‍රවාහන අමාත්‍යංශයේ නව ව්‍යාපෘති ආරම්භ කිරීමේ බලාපොරොත්තු නොමැති බවයි. එහෙත් දැනට අතරමග නැවතී තිබෙන ව්‍යාපෘති හැකි ඉක්මනින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත්, අද තිබෙන ව්‍යාපෘතියක් තවත් වසර කිහිපයකින් සිදු කිරිමට යාමේදී විශාල වියදමක් දැරීමට සිදුවන බවද පෙන්වා දුන්නේය.

    අද වන විට බොහෝ කොන්ත්‍රාත් අතර මගදී නතර වීම නිසා සේවකයින් විශාල සංඛ්‍යාවකට රැකියා අහිමි වි ඇතයිද බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. කොන්ත්‍රාත් ක්‍රමය ඉදිරියට යා යුතු බවත් පහළට ආදායම් ගලා ඒ ම සිදුවන්නේ එවිය බවද හෙතෙම පෙන්වා දුන්නේය. නව ව්‍යාපෘති ආරම්භ නොකළද , විදේශ ආධ්‍යර යටතේ සිදු කෙරෙන ව්‍යාපෘති සිදු කල යුතු බවද හෙතෙම පෙන්වා දුන්නේය.

    පුද්ගලික කර්මාන්තයක් ලෙස පෞද්ගලික බස් රථ කර්මාන්තය දිගටම පැවතිය යුතු බවත් පෞද්ගලික බස් රථ අමතර කොටස් ලබා ගැනීම ආදියව විශාල මුදලක් වැය කිරීමට සිදු වීම නිසා ජාතික ගමනා ගමන කොමිසම විසින් බස් රථ සඳහා අය කරන ගාස්තු පහළ දැමීම සම්බන්ධයෙන් සළකා බලන බවද කීය. මෙතෙක් බලපත්‍ර නොදුන් බස්රථ සඳහා ද වඩා විනිවිදභාවයෙන් යුතුව බලපත් ලබා දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya